IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංගමේ නුපුහුණු කාර්මිකයන්ගෙන් සුදුසුකම් ලැබූවන් කාර්මික නිලධාරී තනතුරට

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුපුහුණු කම්කරුවන් වශයෙන් සේවය කරන 600 දෙනෙකු අතරින් සුදුසුකම් සපුරා ඇති පිරිස් කාර්මික නිලධාරින් ලෙස ශ්‍රේණිගත කිරීමට කටයුතු කරමින් සිටින බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පැවසීය.

නුපුහුණු සේවකයින් වශයෙන් වසර ගණනාවකට පෙර පත්වීම් ලබා පැමිණ විවිධ කාර්මික කටයුතුවල වසර ගණනක් සේවය කර ඇති මෙම පිරිස මේ වනවිට ඉතා ඉහළ මට්ටමින් කාර්මික දැනුම ලබා ඇති පිරිසක් වන නමුත් තවමත් නුපුහුණු සේවකයන් ලෙස සේවය කරන බව ද රණවක මහතා ප‍්‍රකාශ කළේය.

ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහය ලබාගෙන මෙම පිරිස පරික්ෂණයකට ලක් කරන බවත් පසුව ඔවුන්ගේ නිපුණතා මට්ටම අනුව සහතිකයක් ලබා දී ඒ අනුව කාර්මික නිලධාරින් ලෙස ශ්‍රේණිගත කරන බවත් සභාපතිවරයා කීය.

මේ අතර වැටුප් ගෙවා ගත නොහැකි ඩිපෝ සියල්ලම ඉදිරි මාසයක කාලය තුළ වැටුප් ගෙවීමට ආදායම් ඇති ඩිපෝ බවට පත් කරන බවත් ක‍්‍රමානුකූලව ශ්‍රී ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය. 



අදහස් (3)

ලංගමේ නුපුහුණු කාර්මිකයන්ගෙන් සුදුසුකම් ලැබූවන් කාර්මික නිලධාරී තනතුරට

rasi Sunday, 09 February 2020 10:06 AM

ලංගමයට පුහුණු සේවකයන් සැපයීමට තමයි ජර්මන් ටෙක් එක පිහිටෙව්වේ... ඉන්පසුව (ජර්මන් ටෙක් එක කටුබැද්දට ගෙනිච්චාම) වේරහැර වෘත්තීය පුහුණු ආයතනයත්, ඊටත් පසුව බොරැල්ලේ පුහුණු පාසැලත් මේ සඳහාම පිහිටවපු ආයතන. මේ ඉහත කියන "සියලුම" නොපුහුණු සේවකයන් ඡන්ද කාලවලදී ඡන්දෙන් දිනාපු පක්ෂවලට පාප්ප බාල්දි උස්සපු දේශපාලක බත් බැලයන් මිසක් කිසිම කාර්මික සුදුසු කමක් ඇතිව ලංගමයට ආපු අය නොවෙයි. ලංගමයේ පරිහානියට හේතුවන කාරණා කිහිපයක් අතරින් මේ කියන සේවකයින්ව රැකියාවට බඳවා ගැනීමත් එක හේතුවක්...

:       0       71

Abaran Monday, 10 February 2020 02:35 AM

කතාව සහසුද්ධයෙන්ම ඇත්තයි රසියෝ... ආයෙම තවත් කතාකරන්ට දෙයක් නැහැ..

:       0       7

රවින් Sunday, 09 February 2020 11:34 AM

මේ උසාවිය නොවේ. ඕවා නිකම්ම නිකන් නීති තර්ක පමණයි. ඉහත රසි කියලා තියන පරිදි ලංගමයට හා රටට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කිරීමට පිහිටවූ ආයතන වහලා දාලා දේශපාලු හෙන්චියලාගෙන් ඇබෑර්තු පිරෙව්වහම ඕනෙම ආයතනයක් දියුණුවෙන්නේ කොහොමද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site