(නිමන්ති රණසිංහ)
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු ලබන 3 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය.
මගීන් දෙදෙනෙකුට ටිකට්පත් ලබා නොදීමේ වරදට නීතිමය කටයුතු නොකර සිටීමට ලංගම කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ටිකට් පරීක්ෂකවරුන් වන ශිරාන් අමරසූරිය, මහේෂ් සමරනායක හා තරිඳු බුද්ධික යන අයවළුන්ය.
මෙම සැකකරුවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර කාර්යාලයේ ප්‍රාථමික ටිකට් පරික්ෂකවරුන් වන අතර ලංගම කොන්දොස්තරයකුගෙන් රුපියල් 20,000/- අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 12,000 ක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
අල්ලස, දුෂණය රටම වෙලාගෙන තියෙන වෙලාවක ඕක මොකක්ද? අල්ලස් ගැනීම මෙන්ම ටිකට් පතක් නොදීම පිළිබවත් කොන්දොස්තරට විරුද්ධව කටයුතු කළ යුතුයි. මේ දේ රටපුරාම සිදුවන දෙයක්. මෙම ආයතනයේ මුලස්ථානය පිහිටි ප්‍රදේශයේ නිතර පරික්ෂා කලොත් මල්ලක් පුරා දිනපතා මෙවන්නවුන් අල්ලා ගත හැකියි.
ටිකට් පරික්ෂකවරුන් ප්‍රාථමික වැඩක් කරලා.
හොර වැඩට අල්ලසට කප් ගහපු අය....