IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක්

(කාංචන කුමාර ආරියදාස)

දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැළි කසළ නගරය ආසන්නයේ පිහිටි උස් බිමක  වතුර වළකට මුදාහැරීම නිසා  ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කරන්නන්ට ජනතාව වෙන් කර දමා ඇති පොලිතීන් දිරන හා නොදිරන ද්‍රව්‍ය ටැක්ටර් රථයකට වෙනම ලබාගෙන මහවැලි අධිකාරිය මගින් වෙන්කර ලබාදී ඇති ඉඩමකට සියල්ල එකට දමා තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම කසළ බැහැර කිරීම හේතුවෙන්  දුර්ගන්ධයක් මැසි මදුරු කරදරයක් මෙන්ම කුඩා කෘමීන් බෝවීම හේතුවෙන්  ප්‍රදේශයේ දරුවන් රැසකට චර්ම රෝග පවතින බවද ගම්වැසියෝ කියති.

එමෙන්ම මෙම කසළ ආහාරයට ගැනීම සඳහා අලි වැට කඩාගෙන වන අලින් ගම්වැදීම නිරන්තරයෙන් සිදුවන බවද  ප්‍රදේශවාසීහු සඳහන් කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලග්ගල නව නගරය විවෘත කිරීමත් සමඟ මෙය දිවයිනේ හරිත නගරය ලෙස නම් කරනු ලැබීය.

නව ලග්ගල නගරයට පිවිසෙන පාලම අසල ඔබ මේ පැමිණෙන්නේ දිවයිනේ හරිත නගරයට යන්න දැන්වීම් පුවරු පවා සවිකර තිබේ.

එහෙත් ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කැළි කසළ කිසිදු කළමනාකරණයකට ලක් නොකර ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශවල එක ඉහළ කොටසේ වළක් හාරා එළිමහනේ යොදා තිබෙන බවයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ එම වළ ජලය පිරි දැඩි අපිරිසිදු තත්ත්වයට පත්ව ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙම කසළ බැහැර කරන ස්ථානයට ආසන්නයේ පිහිටි වැවකින් නැවත පදිංචි කරවූ ලග්ගල ජනතාවට මහවැලි අධිකාරිය මගින් ජලය බෙදාහැරීම සිදු කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ලග්ගල ප්‍රදේශයේ ජනතාව නගන මෙම පරිසර චෝදනාව පිළිබඳව ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තම සේවකයන් කසළ එකතු කිරීමේදී වෙන වෙනම දිරන හා නොදිරන ද්‍රව්‍ය වශයෙන් එකතු කරන බවයි. කිසිම ආකාරයෙන් වෙන් නොකර මුදා හැරීමක් සිදු නොකරන බවද හෙතෙම සඳහන් කළේය. 

කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් ඉඩමක් වෙන් කර දී තිබෙන බවද ඉදිරියේ දී  ප්‍රවාහන සඳහා වාහන ලැබුණහොත් දඹුල්ල ප්‍රදේශයේ කසළ අංගනයට මෙම කසළ රැගෙන යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (2)

ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක්

රවින් Thursday, 17 October 2019 07:43 AM

හරිත නගර ව්‍යාපෘතියේ පෙර අධ්‍යයන වාර්තා, සැලසුම් නැද්ද? පරිසර අධ්‍යන වාර්තා? කිසිම අධ්‍යයනයක් නොකර දේශපාලුවෙකුගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න හදපු ව්‍යාපෘතියක්ද?

:       0       2

chinthaka Thursday, 17 October 2019 11:40 AM

නිර්භයව මෙම එළිදරව්ව කරපු ලංකාදීප මාධ්‍ය වාර්තාකරණයට අපේ ප්‍රණාමය...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site