
(කාංචන කුමාර ආරියදාස)
කොවිඩ් 19 ආසාදනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය රුපියල් මිලියන හැට දෙකක් වියදම් කරමින් මාතලේ ලග්ගල නගරයේ ඉදිකරන ලද අංග සම්පූර්ණ ආයුර්වේද අතරමැදි කොවිඩ් ප්‍රතිකාර රෝහල විවෘත කොට සියලු පහසුකම් ලබාදී තිබියදී රෝගීන් ඇතුළත් කර නැතැයි ජනතාව පෙන්වා දෙති .
පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් මෙම රෝහල් විවෘත කිරීම් සිදු කළහ.
ලග්ගල ආයුර්වේද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාන්තා පිරිමි රෝගීන් 76 දෙනකුට අංගසම්පූර්ණ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබේ
විශේෂ මෙහෙයුම් අංශය, වී අයි පී ප්‍රතිකාර ස්ථාන දුරකතන, රූපවාහිනී යන්ත්‍ර ,ශබ්ද විකාශනය යන්ත්‍ර, විදුලි පන්කා,මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් උපස්ථායකයන්, ආරක්ෂක නිලධාරීන්, පිරිසිදුකරන්නන්, ආහාරපාන සපයන්නන් ,මේ සියල්ල රජය විසින් සපයා තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ අංග සම්පූර්ණ අතරමැදි ප්‍රතිකාර රෝහලක් ඉදි කොට ඒ සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍යවරුන් සේවක සේවිකාවන් සහ සියලු පහසුකම් ලබාදී මෙසේ රෝගීන් යොමු නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂය භාර ඇමති කෝ ?තවත් සර්ගේ කුණු හෝදන්නේ නැතුව මේවා ගැන හොයලා බලන්න
ඔය ටයි එකෙන් මාන්නය බෙල්ලට තියලා ගැට ගහගත්ත ඈයෝ නිවැරදි සිංහල වෛද්‍ය ක්‍රමයට එළියට එන්න දෙන්නෙම නෑ. සුද්දව විතරමයි විශ්වාස කරන්නෙ.