IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලිංගික අතවර කළ රගර් ක්‍රීඩකයන් දෙදෙනා වසර 10 ක් හිරේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

කොළඹ ප‍්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක‍්‍රීඩාව සඳහා රැදී සිටි අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වූ එම පාසලේම රගර් කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ රගර් ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (19) නියම  කළේය.

මීට වසර 5ක කාලයකට පෙරදී පාසලේදී පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවන්ට අතවරයට ලක් වූ දරුවාට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවීමට ද නියම කළේය.

2014 වසරේ නොවැම්බර් මාසයේ දිනයක කොළඹදී පළමු විත්තිකරු බාලවයස්කාර දරුවාට ලිංගික අතවර කර ඇති බවත් දෙවැනි විත්තිකරු ඒ සඳහා ඔහුට අනුබල දී ඇති බවටත් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි සියලු චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය.

මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් මාස 43 බැගින් අමතර සිරදඬුවම් නියම කළේය.



අදහස් (5)

ලිංගික අතවර කළ රගර් ක්‍රීඩකයන් දෙදෙනා වසර 10 ක් හිරේ

Mahee Thursday, 19 September 2019 02:47 PM

මේ දෙන්නා ගමේ ගොඩේ අහිංසකයන් වුණා නම් නම ගම ඇඩ්රස් දැනගන්න තිබුණා.

:       0       502

අනුෂ Friday, 20 September 2019 02:42 AM

දියුණු රටවලනම් මෙවැනි අපරාධ කරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරනවා අනිත් අයගේ පරිස්සම වෙනුවෙන්

:       0       21

වීරවිජේ Friday, 20 September 2019 03:14 AM

දීපානි සිල්වාගේ උගත් ළමයි.

:       0       42

oscar Friday, 20 September 2019 06:34 AM

ලක්ෂයක් වන්දි ගෙවලා තුවාලය සුව කරන්න පුලුවන්ද ? උපරිම වන්දි මුදල් ගන්න තියෙන්නේ....

:       0       108

Siri Saturday, 21 September 2019 03:48 AM

අර සාමනේර නමකට සිදුවූ අසාධාරණයට මොකද වුනේ?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site