IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝඛකාධිකාරිගේ නිවසේ වැඩට සේවකයන් යැවූ නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවතට

(නිමන්ති රණසිංහ)

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා ය.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය අත්හිටවූයේ ඉකුත් 30 වැනිදාය.

ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සදහා රාජකාරි වේලාවේදී විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (9)

ලෝඛකාධිකාරිගේ නිවසේ වැඩට සේවකයන් යැවූ නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවතට

BY DEFAULT Monday, 04 October 2021 01:42 AM

හොඳ ප්‍රවණතාවක්. රට වැටෙන්න රටේ පාලකයා වගේම පාලිතයා, රාජ්‍ය සේවකයා වගකියන්න ඕනේ. මොනවා උනත් උඩින් තමයි වැඩේ පටන් ගන්න ඕනේ.

:       0       0

සිරිබිරිස් Monday, 04 October 2021 06:41 AM

මේක එක් අවස්ථාවක් පමණි... පළාත් පාලන ආයතනවල සැමදා මහජන නියෝජිතයින්ගේ නිවෙස් හා වතුපිටිවල වැඩ කරන්නේම රජයේ වැටුප් ලබන පළාත් පාලන ආයතන කම්කරුවන්‍මයි..

:       0       1

kamal Monday, 04 October 2021 10:26 AM

අපොයි, ඕව වැඩද?

:       0       0

vikum Monday, 04 October 2021 11:36 AM

විශ්වවිද්‍යාලවලට කථිකාචාර්යවරු බඳවගන්න විදිය, විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශ වලට ප්‍රධානීන් පත් කරගන්න විදිය, එවා උපකුලපතිවරයාගේ අභිමතය පරිදි වන හැටි දකිනකොට මේවා මොනාද, ඔක්කොටම කලින් විශ්ව විද්‍යාල පරිපාලනය රජය විසින් වඩාත් විනිවිධ ලෙස කල යුතුයි, මහාචාර්ය තනතුරු ප්‍රධානයට ගොනු පරීක්ෂා කිරීමට තම තමන්ට හිතවතුන් පත්කිරීම හා පසුව මහාචාර්ය පදවි අඩුම තරමේ පීඑචිඩී වත් නැති පුද්ගලයන්ට දීම, අනික පශ්චාත් උපාධි එම් ඒ, එම් පීල් ආචාර්ය උපාධි දක්වා උසස් කිරීම, තම තම හිතවතුන් වෙනුවෙන්. මේවාට කවුද වග කිව යුත්තේ

:       0       2

Raveendra Monday, 04 October 2021 11:56 AM

හොරකමට, හොර වැඩවලට උගතාද, බුද්ධිමතාද, මෝඩයාද යන්න අදාළම නැති බව මෙමගින් මනාව ඔප්පු කළහැකි නොවේද? මේ "කාටවත්" මනුෂ්‍ය කමින් පරිපූර්ණ වූ මිනිසුන් විය නොහැකිය.. මේ සියල්ලන්ම නාමිකව මිනිසුන්ය...

:       2       2

Bamunuarachchi Monday, 04 October 2021 12:13 PM

මෙම නිවාස ලේඛකාධිකාරිගේ නිල නිවසක්ද? පෞද්ගලික නිවසක්ද? ප්‍රශ්නය එතැනයි...

:       6       2

fairoos Monday, 04 October 2021 12:51 PM

රට මේ වගේ අරාජිත වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි දේශපාලකයන් නිසා...

:       1       4

BamunuarachchiMonday, 04 October 2021 02:01 PM

ඔව් ඔව් නැතිනම්

:       4       0

Prabha Monday, 04 October 2021 03:08 PM

උපන් දවසේ ඉදල ඔය වටපිටාවේ හිටපු අපිට ඕවා සාමාන්‍ය දේවල්

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site