(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හය සිය පනහක් පිරිනැමීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ඉහත මුදල ලබා දෙනුයේද ඒ වැඩපිළිවෙළ යටතේ යැයි කබ්රාල් මහතා පැවසුවේය .
ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ අතර එකල එම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබුණු බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.
මෙසේ ලැබෙන මුදල් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
කෝටි 16000න් කෝටි කීයක් ගසා කයිද?
දැන්වත් වාහන ටික ගෙන්න ගත්තොත් නම් ගොඩ...
රටම ණය කර කර කන්න.
පස්සේ බැසිල් පුම්බන්න හදන්න එපා...
පවුල් පාලනේ අයටත් හොඳයි. හිටපු හොර දූෂිතයින් සෙට් එකමනේ ඉන්නේ...
රට කරවන ඔයාලා පුළුවන් ප්‍රමාණයක් අරගෙන ඉතිරි වුණොත් රටේ පොදු ජනතාව වෙනුවෙන් වියදම් කරන්න. මේක ණයක් නෙමෙයිනේ... ඒක නිසා අපිට කමක් නැහැ..
ලෝකේ සල්ලිකාර රටවල් විසින් මේ වගේ සංවිධාන පවත්වලා මේ කරන සේවය අපි අගය කරනවා මදි. මේ මොහෙතේ අපි මූණ දීලා තියන ඩොලර් හිඟයට මේක කොච්චර ලොකු සැනසුමක්ද? එක අතකට ගත්තාම අපිත් සිඟමනේ යන රටක් වගේ...
ශ්රී ලංකාවේ කෝටිපති ලැයිස්තුවට නව රාජපක්ෂ නාමයක් එක්වීමට නියමිතයි. මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට මිස ග්‍රීසියේ ආයෝජනයට නොවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිතුමා අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සතු දේපළ සහ වත්කම් දේශපාලකයින්ගේ අම්මා අප්පාගේ බූදලයක් ලෙස සලකා කටයුතු කිරීමක් නිතරම අපි දකින්නෙමු...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ ණය ගැනීමයි.
අරමුදල් භාවිතා කිරීම සඳහා රජයට මූල්‍ය විනයක් ඇත.
මෙම මුදල් මහජනයා සඳහා වියදම් කිරීමට කිසියම් සැලැස්මක් තිබේද? එය මිනිසුන්ට හෙළි කළ යුතු අතර එසේ නොවුවහොත් එය මං මුලා සහගත දේශපාලනඥයෙකුගේ සාක්කුවට යාමට ඉඩ තිබුණි.
මුදල් නොදී එන්නත් නිපදවන්න සමාගම් වලට මුදල් ගෙවලා එන්නත් ලංකාවට ලැබෙන්න සැලසුවානම් වටිනාකම කියන්න බැරියෑ
පිනට ඩොලර් මිලියන 800 ක් නිකන් දුන්න මිනිහට අපි යටවෙනවා .ඉස්සර උනෙත් ඒක .දැන් වෙන්නෙත් ඒකමයි .වෙනස තියෙන්නේ දැන් එකම දේ දේශීය මුහුණුවරකින් කරනවා
ඔය ඔක්කොමටම වඩා අත්‍යාවශ්‍ය බෙහෙත් ටික, ඉන්ධන ටික, ගේන්න ඩොරල් නැති වෙන ගානට පත් වෙලා..බැංකු වලින් LC නිකුත් කරන්නෙ නෑ කිසිම ආනයනයකට ..කාබණික හරි රසායනික පොහොර නනැතුව ගොවියගේ අස්වැන්න බිංදුවට වැටිලා ඉදිරියට කන්න දෙයක් නැතුවෙන ගානට වැටිලා ඉද්දිත් කිරිබත් උයන් කන්න පුලුවන් මිනිස්සු නොවන කොට්ඨාසයක් ජීවත් වෙන රටකට වෙලා ජීවත් වෙන එකත ලැජ්ජාවක්!!!
අපේ රට ගොඩනැගීමට මේසා විශාල මුදලක් ආධාරයක් ලෙස ලැබීම සැබැවින්ම සතුටට කරුණක්.ඒත්,මේ මුදල් සම්භාරය පරිහරණය සඳහා විනිවිද බවෙන් යුතුව කටයුතු කිරීමට සියලු පක්ෂ වල නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරන්නේ නම් මැනවි.නොඑසේ නම්,මේ මුදල් නැති නාස්ති වීමට හේතු කාරණා යෙදෙනු ඇත.පස්සේ කෑ මොර දෙනවාට වඩා,මේ මුදල් නැති නාස්තිවීමට ඉඩනොදෙන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන්නෙමු.
ආර්ථික ගාතකයාණෙනි .ජයෙන් ජය .ඕවා කවදා හරි ඔබලාගේ පවුල් වලිනුත් ගෙවන්න ලැබේවායි පතමි
කොච්චර දුන්නත් යන්නේ එකම පව්ලට නිසා නොදී හිට්යනම් හොදයි, එක්කෝ දුප්පත් මිනුස්සුන්ගේ අතටම ලැබෙන්න සලස්ස්වන්න, නැත්තම් මේ සල්ලි ටිකත් මුදල් ඇමති අතට ගියොත් සත පහක් වත් මිනුස්සුන්ට ලැබෙන්නේ නම් නෑ...
පවුල් සංස්ථාවේ කට්ටිය දැම්මම පිහිය මුවහත් තියනවා ඇති
ලෝක බැංකුවෙන් ණයට අරන් චීනාට කියලා ව්‍යාපෘති දාලා 10 % ගනන්වා .සරලයි
දැන් කියන්නේ ප්‍රදානයක් කියල. පසුව කියාවි ණය මුදල් කියල. මෙහම තමයි යුද්ධය පවතිද්දී උපරිම මුදල් වෙන් කළා. පසුව කිව්වා යුද්ධ කරන්න නයට අවි ආයුධ ගත්ත. දැන් ඒවා ගෙවන්න වෙනවා කියල.
දැන් මහබැංකු අධිපති කිව්වා නේද ලෝක මූල්‍ය අරමුදලෙන් අධාර ගන්න කිසිම අදහසක් නැහැ කියල. ඉතින් මේ සල්ලි ආපහු යවන්න පුළුවන් නේ.
රටට මොනවා වුනත් කමක් නැ නේ
පහුගිය කාලෙත් ඩොලර් මිලියන 510ක් ලැබුනාලු. කවද්ද ලැබුනේ, ඒවායින් මොනාද කලේ කියලා කවුද දන්නේ. මේ සල්ලි වලටත් වෙන දේ දෙයියෝවත් දැන ගන්න එකක් නෑ මයේ හිතේ. ඇයි ඉතින් කල් යල් බලා මනි මේකලා බැස්සුවානේ
කල්ල මරේ.
ජනතාවට සෙතක් වෙන්නැ
අනේ දෙවියනේ වදින්නම් කියනතැනකට ගසා කන්නනම් එපා
රට කොහේ දියුණු කරන්නද මෝඩයෝ. මාසේ ණය ගෙවන්නත් මදි
එන යන ආණ්ඩුවල මැති ඇමතීන් සහ වන්දි භට්ටයින් ‘ගසා කෑම සාමාන්‍යයි’ කියමින් අනුමත කරන ජනතාවක් ඇති රටක කුමන ආධාරයක් ලැබුණද? එයින් රටකට සැබෑ වෙනසක් ඇති නොවේ...
කලින් වතාවේ හම්බ වුණු සල්ලි වෙන්න ඇති... අරයා මහබැංකුවෙන් පැන්නුවේ...?
පුරා හඳත් ගිලි යකුන්ට කුමන කජු මරා කතිය කිකිළිය දෙන රනින් බිජු කිරා කුමට දුගියෙකු අඹු ගතොත් රජු සොරා කතත් කපුටාටම දෙමු කේජු