(රංජන් කස්තුරි)

රටපුරා සියලුම නගරවල හෙට පස්වරුවේ ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පස්වරු 2.00ට ප්‍රධාන උද්ඝෝෂණය පැවැත්වෙන අතට ඊට ගුරුවරුන් හා විදුහල්පතිවරුන්  විශාල පිරිසක් සහභාගීවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාලින් මහතා පවසයි.

කොළඹ උද්ඝෝෂණයට සමගාමීව එම වේලාවටම දිවයිනේ අනකුත් නගරවලද ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ද ස්ටාලින් මහතා කියයි.