(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අතිරේක ක්‍රීඩකයන් පහක් සහ අතිරේක පුහුණුකරුවකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සහභාගි කරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නිල සංචිතයේ ක්‍රීඩකයන් 19 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් පස්දෙනකු සූදානම් කර තබන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම ක්‍රීඩකයන් පස්දෙනා සහ පුහුණුකරු වෙනම කණ්ඩායමක් ලෙස සහභාගි කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
‘කොවිඩ්’ තත්වය අනුව එම තීරණය වඩාත් හොඳ තීරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් බවත් ඒ අනුව මෙම හය දෙනා සූදානම් කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.
මෙම තීරණයත් සමඟ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 ක් සහභාගි වීමට නියමිත අතර ප්‍රධාන සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනා සමඟ අතිරේක ක්‍රීඩකයන් නවදෙනා තරගවලට සහභාගි වීමට නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්‍ෂණික කමිටුවේ අවසර ලැබිය යුතුය.
ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ලබන ඕමානයට එරෙහිව ඔක්තෝබර් මස 7 සහ 9 දෙදින විස්සයි20 තරග දෙකකට සහභාගි වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔක්තෝබර් 12 සහ 14 දෙදින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පුහුණු තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයට නැමීබියාවට එරෙහිව අබුඩාබි ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 18 වැනිදා සහභාගි වීමට නියමිතව තිබේ.
2025 නොවැම්බර් මස 04
283
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක කුසලානයට පස් දෙනකුගේ ‘බැකප්’ සංචිතයක්
Sisira Friday, 17 September 2021 08:23 PM
බැකප් දැම්මට වැඩක් නෑ.. අපි බැකප් එකෙන්ම එන්න වෙනවා..
Sk Friday, 17 September 2021 08:24 PM
ඔහොම බැකප් දාන්නේ ලෙඩ්ඩු එක්කද යන්නේ?
Raveendra Friday, 17 September 2021 09:18 PM
ශම්මි මල්ලියේ බැකප් ගොඩට අපේ අර "බින්දුසාර ප්‍රමුඛ රජ තුන් කට්ටුවත්" ඇතුලත්ද මල්ලියේ...?
විජේ Saturday, 18 September 2021 07:30 AM
ශම්මි සිල්වලා වගේ අසාර්ථක මිනිස්සු මේවා වලින් යනකන් ක්‍රිකට් නම් ගොඩගන්න අමාරු වෙයි. මගේම අදහසක් නොවේ. මීට අවුරුදු 2කට විතර කලින් විශ්‍රාමගිය, හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් තමයි කිව්වේ...