(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්‍ෂ හතකට අධික වටිනාකමින් යුත් මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය පැවසීය.
මුද්දරයක හැඩයට සකස් කර ඇති ඉතා සියුම් පෙත්තක් වැනි මෙය දිව යට තබාගත් විට මත්වන බව කියැවේ.
මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ, දෙහිවල බෙල්ලන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු සහ මොරටුව ලක්‍ෂපතියේ පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.
පොලිසිය ලද තොරතුරකට අනුව, දෙහිවල ගුවන්පාලම යට රැක සිටි පොලිස් නිලධාරින් බෙල්ලන්තර දෙසින් පැමිණි සුඛෝපබෝගී රථය නවතා පරීක්‍ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මත් මුද්දර සොයාගෙන ඇත.
දීර්ඝ කාලයක පටන් සංවිධානාත්මක ලෙස ෆේස්බුක් සාද සහ පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් ජාවාරම කරගෙන ගොස් ඇතිබවත්, එක් මත් මුද්දරයක් රුපියල් 2,500 ත් 3,000 ත් අතර මුදලකට අලෙවිකර ඇතිබවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් නඩු භාණ්ඩ සමඟ අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා දෙහිවල පොලිසියට භාරදී තිබේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.