
(අනීෂා මානගේ)
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජමුතු 4 ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.
හම්බන්තොට බඳගිරිය හතේකණුව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි බව කියන යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්ද විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබේ.
COMMENTS
කවුද මේවා තක්සේරු කරන්නේ?
කොහොමද තක්සේරු කරේ? කවුද තක්සේරු කරේ?
කාලෙකට පොලිසියයි, වනජීවි එකයි, පුරාවිද්‍යා එකයි කියනවා මේවා බොරු කතා. ගජමුතු සහ නිධන් කියලා දේවල් නෑ. ඒක නිසා ඇත් දළ සහ නිධන් ගන්න ඇතුන් මැරීමත් නිධන් කැඩීමත් බොරු වැඩක් කියලා. ඊට පස්සේ තව කාලෙක එයාලම මේ වගේ අල්ලලා මිල ගණන් තක්සේරු කරලා ලොකුවට දානවා අච්චරක් වටිනවා, මෙච්චර වටිනවා කියලා. ඉතින් මිනිස්සු කොහොමත් එතකොට ඔය දේවල් කරන්න පෙළඹෙනවා. වාලම්පුරි වලටත් ඔය ටිකම තමයි. හොරු කවුද කියලා දන්නෝ දනිති. ඔය හැම දේකම කොනක අන්තිමට දේශපාළුවෙක් ගෑවිලා ඉන්නවා...
ශ්රී ලංකාවේ තිබෙන්නා වූ ඔක්කොම ගජමුතුවල අයිතිය රජයටද?. දන්නේ නැති නිසයි ඇහුවේ...
ඕවා ඔක්කොම නතරවෙන්නේ මැද මූකලානෙන්...!!