(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 500 ක් පොලිස් බාරයට ගෙන ඇත
මත්කුඩු තොගය දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කලු සාගර නමැත්තා සමඟ සිටින මුතු නැමැති කාන්තාවට අයත් ඒවා බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය නෝනාගම සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 33 අතර පසුවන්නන් බව පොලිසිය කියයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.