
(යොහාන් භාසුර සහ කටුනායක ටී. කේ. ජී. කපිල)
රුපියල් ලක්‍ෂ 50 කට අධික වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 15,251 ක් ශ‍්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය අද සිය බාරයට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
රේගුවේ නිවාරණ නිලධාරි සේනක ඇරැව්පොල මහතාට ලැබුණු තොරතුරක් මත නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉන්දියාවේ සිට ආනයනය කළ බහාලූමක් පරීක්‍ෂා කිරීමේදී මෙම කහ තොගය සොයාගත් බවත් මෙහි කපුරු කිලෝ 16,000 ක් අඩංගු පෙට්ටි 507 ක් ඇතැයි රේගුවට දැනුම් දී තිබූ බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම වියළි කහ තොගය පෙට්ටි 504 ක් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබූ බවත් කහ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික බදු අහිමිවන බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකය මෙම කහ තොගය පිළිබ`දව වැඩි දුර විමර්ශන කර කහ තොගය රාජසන්තක කර, ආනයනකරුට දඩ පැනවීමට නියමිත බවයි.



2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 50ක කහ රේගුවේ හිර වේ
Anzar Tuesday, 01 June 2021 02:42 PM
වහාම පුළුස්සා දමන්න...
chathura Wednesday, 02 June 2021 02:53 AM
දඩ පැනවීම කිසිම තේරුමක් නැත. ලංකාවට එන්න ඕනෑ මුදල් තමා ඔය විදිහට භාණ්ඩ විදිහට එන්නේ... රටේ ඩොලර් නිකරුනේ නාස්ති කරනවා කිසිම වගකීමක් නැතිව. මෙවැනි පුද්ගලයන් අසාදුලේඛන වලට ඇතුළත් කළානම් නේද හොඳ? අවුරුදු 10කවත් ගෙන්වීම තහනම කළා නම් හැමෝම පාඩමක් ඉගෙන ගන්නවා. නැත්නම් ලබන මාසේ වෙන දෙයක් ගෙන්වයි.