
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ලබාගෙන මුදල් ලබානොදීම සම්බන්ධයෙන් පානදුර ගාලු පාරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට මෝටර් රථයක් මතට නැඟී පුද්ගලයෙක් අද (8) විරෝධතාවයක යෙදෙන බව පානදුර පොලිසිය කියයි.
මීට මාස තුනකට පමණ ඉහත දී ලක්ෂ 58 පමණ වටිනා කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල මසා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණක් ලබා දුන් බවත් ඉතිරි මුදල් ලබා දෙන ලෙස ඉල්ලා එම පුද්ගලයා මෙලෙස විරෝධතාවක යෙදෙන බව පොලිසිය කියයි.
එම ආයතනයේ ප්‍රධාන දොරටුව අවහිර කර මෝටර් රථය නවතා ඒ මතට නැගී එම පුද්ගලයා විරෝධතා පුවරු කිහිපයක් ද ප්‍රදර්ශනය කරමින් එලෙස විරෝධතාවයේ නියැලී සිටියහ.
COMMENTS