(රොමේෂ් මධුෂංඛ)
රුපියල් ලක්ෂ 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමඟ සැකකරුවකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.
නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් උපාය දූතයකු යොඳවා ගජමුතු මිලට ගැනීමට සැලසුම් කර සැකකරු වව්නියාව නෙඩුන්කුලම් ප්‍රදේශයට ගෙනවා ගෙන තිබේ. එහිදී ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ විරල දේවල් වලට වටිනාකමක් ලැබී ඇත. මොහු මේවා සොයාගෙන ඇත්තේ ඇතා මරදාලද නැතිනම් ඇතා මියයනතුරු බලා ඉඳලාද?
ගජමුතු කියා දෙයක් නැත. ලංකාවේ වනජිචි දෙපාර්තමේන්තුවෙන් විමසන්නේ නම් මේ පිළිබදව දැන ගත හැක. හොද නීතිඥ මහතෙක් අල්ලන්නේ නම් මෙම සැකකරුට නිකන්ම නිදහස් විය හැක.