
(ඉන්දිකා රාමනායක)
මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් සමඟ කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවද එම බලකාය කියයි.
මෙම සැකකාරිය විසින් කිරිබත්ගොඩ, රාගම, කැලණිය, යන ප්‍රදේශවලට හෙරොයින් දීර්ඝ කලක් තිස්සේ බෙදා හරිම සිදුකළ බව ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය කර කරගෙන ඇත.
සැකකාරියගෙන් හෙළිකරගත් තොරතුරු අනුව දොම්පේ පොලිස් වසමේ, සමරමෝල වත්ත, නාරම්පොළ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලි ගෑම් 620ක් සහ මුදලින් රුපියල් 26,65100.00ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාරිය විසින් හෙරොයින් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් මෙම නිවසේ සඟවා ඇති බව විශේෂකාර බලකාය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 26ක් සමඟ හෙරොයින් ජාවාරම් කළ කතක් අත්අඩංගුවට