(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ විසිපහක අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉතාලි ජාතිකයෙක් සහ ඊශ්‍රායල ජාතිකයෙක් අද (7) කාඳාන දුම්රිය පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය කියයි.
කොකේන් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 970ක් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ඊශ්‍රායල ජාතිකයා වයස අවුරුදු 25 ක අයෙක් බවත් ඉතාලි ජාතිකයා වයස අවුරුදු 36 ක අයෙක් බවත් පොලිසිය කියයි.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජනවාරි මස මෙරටට පැමිණි තිබූ මෙම විදේශීය ජාතිකයන් දෙදෙනා මෙම කෙටි කාලය තුලදී තංගල්ල ,හික්කඩුව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වල කොකේන් මත්ද්‍රව්‍ය බෙදා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂා වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
ඉතාලි ජාතිකයා පිටිගල මිලානොද?
බලමු දැන් එල්ලයිද කියල? මදුෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කලයුතු බව කියනවානම් මේ දෙන්නට අපේ නීතිය ක්‍රියාත්මක කලයුතුයි නේද?
ජනාධිපති තුමා ලෝකේ වටේ ඇවිදින ගමන් කිව කුඩු කාරයන්ට දැඩි දඩුවම් දෙනවා කියල , ක්‍රමවේද හොයන්න පිලිපිනෙත් , සිගප්පුරුත් ගිය , ඊට පස්සේ ජනාධිපති තුමා කුඩු කාරයෝ එල්ලන්න ලිපිගොනු නැත කියල කීවහම ලිපිගොනු ටික හොයල දුන්නහම කියනවා ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ පකිස්ථාන ජාතිකයෙක් එක නිසා එක කරන්න එය කැමති නැහැ කියල , මෙහෙම ලෝකෙට විහිලු සපයන දේශපාලකයෝ ඉන්න කොට කුඩු කාරයෝ මෙහෙ පිලුම් ගහන එක පුදුමයක් නැහැ
යකෝ, අර මිනිහ අහුවුනා කිව්වහම රොත්ත පිටින් එන්න පටන් ගත්තනේ. කල දුටු කල වල ඉහගන්න හිතාගෙන වෙන්න ඇති. හිටපල්ලකො එකෙක් එල්ලන කල්.