(ටී.කේ.ජී.කපිල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි නිෂ්පාදිත " ප්‍රයිඩ් " නැමැති දුම්වැටි ලක්ෂ 400,000 කි.
විදේශයක සිට පැමිණි නැවකින් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති මෙම දුම්වැටි තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ කොටුව විමලධර්ම ඔරලෝසු කුළුණ අසළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබුණි.
ලොරි රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්වැටි තොගය ආනයනය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
(ඡායාරූපය - ටී.කේ.ජී.කපිල)

(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරිය එලවපු ඩ්‍රයිවර්ව හෝ ක්ලීනර්ව අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. මේවා වළක්වන්න ඕනෑනම් පටන් ගත යුත්තේ මේ දේවල් ක්ලියර් කරපු කස්ටම් ඔෆිසර්ගේ ඉඳලයි. නමුත් නොවෙන්නෙත් ඒකමයි...
මම මීට ප්‍රථමත් කිව්වා හොරකම් ජඩකම් කරනවනම් මහා පරිමාණයෙන් කරන්න කියලා. බලන්න මේ වැඩෙත් ලක්ෂ 200ක්. සුළු පටු නැහැ. පැහැදිලිවම ලොකු කට්ටිය එළියේ.