
(හේමලතා ඩී හේවගේ)
සුඛෝපභෝගී මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කුලියාපිටිය-පන්නල ප්‍රධාන මාර්ගයේ ඇලබඩගමදී අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
එම හෙරොයින් තොගයේ වටිනාකාම රුපියල් ලක්ෂ 15 ක් වන බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්, බැංකු කාඩ්පත් 4 ක් පොලිසිය බාරයට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ මෝටර් රථය ඇතුළු සියලු නඩු භාණ්ඩ අද (10) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd