(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
ලක්‍ෂ හත හමාරක් වැය කර ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුව ඉවත් කර බව ද එහිදී හෙළි විය.
එම ව්‍යාපෘතියට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 15ක් බවත් ඉන් අඩකටක් අධික මුදලක් ගල් පුවරුවක් වෙනුවෙන් වැය කිරීම අනුමක කළ නොහැක්කක් බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සභාපති අසේල ඉද්දවෙල මහතා එහිදී පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් කිරීමට බවයි.
එමෙන්ම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පසුගිය වසරේදී සමාජ සත්කාර වියදම් බව කියමින් රුපියල් ලක්‍ෂ 79කට වැඩි මුදලක් වැය කර ඇතැයි කී සුනිල් හඳුන්නෙත්ති මහතා එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබියදී මෙම වසරේදීත් සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 350ක් වෙන් කර තිබෙන බව ද හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.
කෝප් කමිටු සාමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලක්ෂ 15 ක ව්‍යාපෘතියක් විවෘත කිරීමේ සමරු පුවරුවට ලක්ෂ 7 ක් වැය කරලා
wije Friday, 20 September 2019 04:18 PM
ඇත්තටම ඉන්නම හිතෙන රටක්...
MaheeFriday, 20 September 2019 04:44 PM
මේ මංකොල්ලකාර දේශපාලුවෝයි, ඔවුන්ට කත්අදින ආයතන ප්‍රධානීන් යයි කියාගන්න බත් බැලයින් රොත්තයි නැත්නම්, ඇත්තටම ඉන්න හිතෙන රටක්...
nimalSaturday, 21 September 2019 11:54 AM
"මේ මංකොල්ලකාර දේශපාලුවෝයි, ඔවුන්ට කත්අදින ආයතන ප්‍රධානීන් යයි කියාගන්න බත් බැලයින් රොත්තයි නැත්නම්"..... දවල්හීන තමයි.
Dasa Friday, 20 September 2019 04:30 PM
නෙලුම් කුළුණක් ගිලින්න පුළුවන් යක්කුන්ට අග්ගලාවක් කජ්ජක්ද?
Raveendra Friday, 20 September 2019 05:04 PM
අපි නිකමටද සෑම වෙලාවේම මේ එක එක මුල්ගල් තැබීම, විවෘත කිරීම්වලට විරුද්ධව හඬ නගන්නේ? කරුණාකර මධ්‍යස්ථව බලන්න මොනතරම් සහගහන අපරාධද මේවා? මූලික අරමුණ මේ මූසලයින්ගේ නම් ගම් කොටාගැනීම හැර වෙන කුමක් බලාපොරොත්තු වන්නේද මෙම කාලකන්නි දේශපාලුවන්? අප දියවන්නාවේ ඉන්න 225ටම මෙම චෝදනාව නගන්නේ එකෙක්වත් මෙම අපරාධ නැවැත්වීමට කිසිඳු පියවරක් නොගැනීම නිසා නොවේද? මේ මුදල් විනාශ කරන්නේ තමන්ගේ අම්මගේ, අප්පාගේ බූදලෙන් වියදම් කරනවා වගේ නොවේද? කාලකන්නි 225ත්, ඒ පවුල් වලටත් සාප වේවා...!!! මේ පාපකර්ම වලට. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව හැලිවඳුරන් 225 ටම කියවීමට හැකි වේවා !!!
pjSaturday, 21 September 2019 12:26 AM
ඔය 225 බයිලාව දිගටම කියෙව්වත් ඔය නමින් දමන අදහස්වල කිසිදිනෙක මහ රජාට දොසක් කියලා නැති බව පැහැදිලිවම පෙනේ. අශ්වයා පැනගියාට පසු ඉස්තාල වසන්න හදන කමිටුවලින් අප රටට වැඩක් නැත. එයද නිකරුනේ මහජන මුදල් නාස්ති කිරීමකි. අවශ්‍ය වන්නේ අශ්වයින් පනින්ට පෙර නවතා ගත හැකි ක්‍රමවේදයකි. අද පවතින මිලගණන් අනුව මාබල් හෝ ග්‍රැනයිට් පුවරුවක් විශාලත්වය අනුව ලක්ෂ හතක් වීම අරුමයක් නොවේ. ජල පෙරණද අවශ්‍ය ප්‍රමිතීන් අනුව හා ඉදිකරන ස්ථානයේ පිහිටීම අනුව විවිධ මිල ගණන්වලින් ඉදිරිපත් කළහැකිය.
චමින්ද Saturday, 21 September 2019 01:37 AM
මෙම අලාභය අදාල පුද්ගලයින්ගෙන් (මෙය යෝජනාකල නිර්දේශ කල හා අනුමත කළ සියළුදෙනා) අයකර ගතයුතුය. අය කිරීමේදී ගතවූ කාලයට අනුව මුදලේ අව ප්‍රමාණයට සමාන පොලියත් අයකර ගැනීම කරන්න.
පුරවැසියෙක් Saturday, 21 September 2019 03:49 AM
ගියමාසේ 14 වෙනිදා මගේ කකුල එඬේරමුල්ල ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එකේ වැදුණා. මා ගාව හිටිය දෙන්නෙක්ගෙත් වැදුණා.. රස්සාවට යන එක පැත්තක තියලා අපි තුන්දෙනාම රාගම ඉස්පිරිතාලයට ගිහින් බෙහෙත් දාගෙන ගෙවල්වලට ගියා. ආසාවට නෙවෙයි ෆුට්බෝර්ඩ් එකේ ගියේ. පඩිය දවස්ගානෙන් බෙදුවාම දවසට රු.1380 යි.. මෙව්වා දකිද්දි අපිට පොළව මතුපිට නෙවෙයි ඉන්න හිතෙන්නේ... අඩි දහයක් විතර යටට වෙලා.
pakeerSaturday, 21 September 2019 07:27 AM
ඔයා 30න්ද බෙදුවේ? මගේ 30න් බෙදුවම 1333/= හොඳ වෙලාවට මගේ නෝනත් රස්සාවක් කරනවා.
මුරයාSaturday, 21 September 2019 12:51 PM
වැටුප තිහෙන් බෙදා දිනක වැටුප බලන්නේ කණිෂ්ඨ සේවකයින්ගේ හා කළමණාකරණ සහකාර සේවයේ අයගේ පමණයි අනෙක් අයට බෙදන්නේ විස්සෙන්. කොහොමද ඇති හැකි පරතරය...?
BamunuarachchiTuesday, 24 September 2019 03:02 AM
මුරයා එයා මාසෙට දවස් 20 ද කන්නේ බොන්නේ? එයා මාසෙකට දවස් 30-31 කන්න ඕනේ බොන්න ඕනේ ගෙවල් කුලී ගෙවන්න ඕනේ. අපිට කමක් නැහැ මාසෙටම දවස් එකකට පමණක් රු 60000 ගෙව්වට. අපි ඒ 60000 නේ මාසයක් ජීවත් වෙන්න ඕනේ එතකොට ගණන් බලන්න දවසට කීයක් ලබිලාද කියලා.
SL Saturday, 21 September 2019 04:59 AM
පාර්ලිමේන්තුවේ ඉන්න හැම කෙනෙක්ගේම ෆොටෝ එකක් 2 x 2ක මීටර බෝඩ් ගහන්න මේ තක්කඩින්ට තියෙන්නේ පුදුම වුවමනාවක්. දවසක් බස්නාහිර හිටපු මහා ඇමති වංගුවට දාන කණ්ණාඩියක් විවෘත කරන්න කියලත් උත්සවයක් තිබ්බා. මරණාධාර සමිතියට හට් දීලත් නම ගහන අයයි ඉන්නේ... පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන යට IQ ටෙස්ට් එකක් අනිවාර්ය කරන්න ඕනේ. නැතිනම් මන්ද මානසික, මදාවි අය ගිහින් කරන්නේ මේ වගේ වැඩ තමයි.
kamal Saturday, 21 September 2019 08:15 AM
එහෙම කරන්න බැහැ කියලා රටේ නීතියක් නැතිනම් ඔය මොන කමිටුව කොච්චර කැස්සත් වැඩක් නැහැ.
sana Saturday, 21 September 2019 04:40 PM
මෙම වියදම දරලා තියෙන්නේ මූල්‍ය රෙගුලාසි අනුගමනය කරමින් නම් සහ අදාල ප්‍රසම්පාදන පිළිවෙත් අනුගමනය කරලා නම් කෝප් සභාපතිගේ මතය මේකයි කියලා වැරදියි කියන්න බෑ. මොකද එහෙම නම් රජයේ ආයතන සියල්ලගේම හැම වියදමක්ම දරන්න පෙර කෝප් එකට එවන්න වෙනවා. හැකි නම් හොයලා බලන්න ඔය අනුන්ගේ වැරදි හොයන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය සිය ගානක් වසර ගණනාවක් තිස්සේ එකම පුහුණු වැඩසටහනට එකම රටේ එකම ආයතනයට කෝටි ගාණක් වියදම් කරමින් යැව්වේ ඇයි කියලා. අඩු තරමේ වෙනස් පුහුණු වැඩසටහන් වලට යවන්න තිබ්බා.
vidya Sunday, 22 September 2019 04:04 AM
ඕක වගේම තව වැඩක් කරලා තියනවා. ඔය දේ කලාට පසුව සොරොව්ව දෙපැත්තේම විශාල ගල් පුරුවල ලෝකේ ඇති හැම කෙනාගේම නම් ලියලා. කිසිම ඉංජිනේරුවෙකුගේ නමක් සඳහන් වෙලා නැහැ . මම ඔය බැම්ම බඳින කාලේ කීප සැරයක් ගියා බලන්න, මම පොඩි කාලේ දරු ඔයේ කොපමණ නාල තියනවද ? මගේ හදවතෙහි දරු ඔයත් ඓයනායක දෙවියන් පිළිඹඳ සංකල්පයත් කිසිවිටක ගිලිහිලා යන්නේ නෑ. අද අපි නාපු තොටුපොල ජලයෙන් පිරිලා . එතන වැඩ කළා දමිල ඉංජිනේරු මහතෙක් එතුමා සමග කතා කරපුහම එතුමාගේ ඇස් වල කඳුළු පිරිලා මට කීවේ එතුමා කොපමණ අසාවෙන් එම වැඩය හරියාකාරව කරලා ඉදිකිරීම ඉවරවෙන කම් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නව කියලා. අහිංසක උගත් මිනිසෙක්. එ් වගේ කොපමණ මිනිසුන් වැඩ කරන්න ඇතිද? කිසිම සඳහනක් නැහැ. දරුවනේ මේ යන ක්‍රමය වෙනස් කිරීමට කාලය ඇවිල්ලා .
pjMonday, 23 September 2019 03:12 AM
රන්දෙනිගල රන්ටැඹේ විටෝරියා වැනි ව්‍යාපාර වෙනුවෙන් නුවන හා දහඩිය හෙලු හැමෝගෙම නම් දාන්න එම බැමිවල සියලු මතුපිට ඉඩ ප්‍රමාණයත් මදිය. වැදගත් දේ එමට තිබියදී කතා කරන මාතෘකාවල හැටි.
Vidya Sunday, 22 September 2019 05:41 AM
මම කලින් ලිව්වේ දැදුරු ඔය ව්‍යාපෘතිය ගැන .