IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 42 හැවිරිදි  අයෙකි.
 
මෙම සැකකරු කුලී පදනමට යොදා ගත් මෝටර් රථ යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.
පුත්තලම පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත පුත්තලම නගරයේ හෙරොයින්  බෙදාහැරීම සදහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රැකවල් ලා සිට අත් අඩංගුවට ගත් බව කියයි. සැකකරු සන්තකයේ තිබු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග හෙරෝයින් ජාවාරමෙන් අද අලුයම ලබා ගත් රුපියල් 2 62,500  මුදලක් ද සොයාගෙන ඇත.
 
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි හෙළි වී ඇත්තේ මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක්ද මෙහෙය වු අයකු බවයි.අදාල සැකකරු මෙම ගිනි අවි ජාවාරම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් 2008 වසරේ ටී.56 ගිනි අවි තුනක් පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගෙන තිබු බවත් 2018 වසරේදි නිදහස් කර ඇති බවය.
 
අත් අඩංගුවට ගත් සැකකරු හෙරොයින්, වාහන සමග මුදල් පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දී  තිබේ .
පුත්තලම පොලිසය මගින් මෙම සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
 

 



අදහස් (5)

ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

අනුර Saturday, 12 September 2020 05:34 AM

2018 වර්ෂයේදී මෙම පුද්ගලයා නිදහස් කර ඇත්තේ LTTE සමග අවි ජාවාරම් කළ බව නිසි පරීක්ෂණ නොකර බව පැහැදිලිය. ඔන්න යහපාලන සමයේ වැඩ...

:       0       0

Lakmal Saturday, 12 September 2020 06:40 AM

රටට කුඩු ගේන මහමුල් ටික අල්ලන් නැතුව රට ඇතුලේ කුඩු බෙදාහරින්නෝ ඇල්ලුවා කියලා කුඩු උවදුර නැති කරන්න බෑ. කාවද මේ රවට්ටන්න හදන්නේ?

:       0       0

vikum Saturday, 12 September 2020 08:24 AM

බලාගෙන ගියාම රටේ හොඳම ආදායම හා ව්‍යාපාරය කුඩු බිස්නස් වෙලා තිබිලා තියෙන්නේ..., දැන් ඔය අල්ලන මිනිස්සු ටික කාලෙකින් ආපහු නිදහස් වෙනවා. ආයෙත් පුරුදු ජොබ් එක කරනවා ඒක නිසා හොඳම විකල්පය, හමුදා ආරක්ෂාව යටතේ ඔවුන් රජයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ජීවිතානතය තෙක් දායක කරගැනීම, දැන් හිරගෙවල්වල 30000ක් විතර ඉන්නවා කියලා කියනවා.. එ්ක නිසා වැව් අමුණු සුද්ද කිරීමට මොවුන් දායක කරගැනීම වඩාත් උචිතයි.

:       0       0

Hector Saturday, 12 September 2020 09:50 AM

එන්න නරඹන්න අලුත්ම පිට වාර්තා පිට වාර්තා තියමින් දැන් කුඩු තිරයේ පෙන්වනු ලැබේ. ජය වේවා..!!! 

:       0       0

අංජන Saturday, 12 September 2020 07:36 PM

හෙරොයින්.. වමතින් දකුණතට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 53 0

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 40 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 381 0

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 587 0

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ
2025 මාර්තු මස 22 403 0

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවත


පුංචි ඡන්දෙට මැතිසබේ කැලැන්ඩරය වෙනස් වෙයි
2025 මාර්තු මස 22 272 0

පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වෙන හෙයින් එම මාසයේ පළමු සතියට අදාල රැස්වීම් 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 75 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1106 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site