
(දිලීප් ජයසේකර)
රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් ඇතුළු තහනම් කෘෂි රසායන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේදී ලුණුගම්වෙහෙර පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර, අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු හා බණ්ඩාරවෙල, අළුත්ගම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
දක්ෂිණඅධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසල පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් ලුණුගම්වෙහෙර පොලිස් නිලධාරින් කණ්ඩායමන් විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී තහනම් කෘමි නාශක වර්ගයක් වන ග්ලයිෆොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් අලෙවි කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කුඩා ලොරි රථයේ තිබී ග්ලයිෆොසෙට් ග්‍රෑම් 100 බැගින් වු පැකට් 1000ක් හා කාබොපියුරාන් නැමති කෘෂි රසායනය අඩංගු කිලෝ 1 බැගින් වු පැකට් 1000ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මහරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම කෘෂි රසායන තොගය ලබාගෙන එය දක්ෂිණ අධිවේගි මාර්ග ඔස්සේ රැගෙනවිත් තණමල්විල හා ලුණුගම්වෙරෙ ඇතුළු අවට ප්‍රදේශවලට අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිසි ප්‍රශ්න කිරීමේදි සැකකරුවන් පවසා ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට වස කවන්න හදන අයට කළ යුත්තේ ඔවුන් හටම වස කන්නට ඉඩ සැලසීමයි. ලංකාවේ පවත්නා ක්‍රමවේදය අනුව දහස් ගණනක් මැරුණාට පස්සේ තමයි වස කවපු අයට දඬුවම් ලැබෙන්නේ..