(යොහාන් භාසුර)

කැලණිය ප්‍රදේශයේ ප්‍රධානතම මත්කුඩු ජාවාරම්කාරියක් යැයි කියන කළුපහනගේ මංගලිකා නොහොත් ‘කුඩු මංගලිකා’ නැමැත්තිය රුපියල් ලක්‍ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් 50,000 කට අධික මුදලක් සමඟ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබූ කුඩා ප්‍රමාණයේ මත්කුඩු පැකට් 800 ක් තුළ මත්කුඩු ග්‍රෑම් 100 ක් පමණ අඩංගුව තිබූ බවත් කැලණිය පට්ටිය පාරේ පදිංචිකාරියක් වන 40 හැවිරිදි ඇය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.