(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත් ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළදී අද (04) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකාරිය සමඟ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටින පුද්ගලයකුගේ ඊෂී කැෂ් මගින් ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකා රාජකාරියේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 42 ක් වන සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd