එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.
ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහා ශ්‍රී ලංකාව මෙම හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට අදහස් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව 1990 වර්ෂයට පෙර සිටම එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගෙන තිබේ. ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් මෙම හෙලිකොප්ටර් භාවිතා කරයි.
භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම ගිනි නිවන කටයුතු වැනි දෑ සඳහා භාවිතා කළ හැකි අයුරින් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබයි.
එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම හෙලිකොප්ටර් යානා කොපමණ මිලට ගන්නවාද යන්න පිළිබඳව නිශ්චිතව තීරණය කර නැති බවත් රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඩේලිමීරර් ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ගුවන් හමුදාවේ තිබෙන හෙලිකොප්ටර් යානා සහ අනෙකුත් ගුවන් යානා වලින් 50% කට වැඩි ප්‍රමාණයක් සර්විස් කරන්න අවශ්‍ය මුදල් නොමැති කම නිසා තිබෙන්නේ ගොඩ ඇදල , දැනට අනවශ්‍ය ගුවන් යානා පිටරටකට විකුණලා එම මුදලින් ඉතිරි යානා සර්විස් සහ අලුත් වැඩියා කටයුතු කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. තත්වය මෙසේ තිබියදී තවත් යානා අලුතෙන් මිලදී ගැනීමට යාම ඉතාම සැක කටයුතු දෙයක් , ඔය යානා අවශ්‍ය එක්සත් ජාතීන්ගේ සාමසාධක වැඩ වලට නම් ඒවා තාවකාලිකව සපයාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් , එහෙම නැත්නම් මේවා කෙටිකලක් සදහා බද්දට ගන්න පුළුවන් ,මෙමගනුදෙනුව සමග විශාල කොමිස් මුදලක් තිබෙන්න පුළුවන් , ජනාධිපති තුමනි වහාම මෙම ගනුදෙනුව පිලිබඳ කොමිසමක් පත්කරලා සොයල බලන්න , හොරකම සිද්ධ වුනාට පස්සේ බොරුවට මේ ගැන මගුල් ගෙවල්, මළගෙවල් ,විවෘත කිරීමේ උත්සව වලදී කතාකිරීමෙන් පලක් නැහැ
මේක උදයන්ගගේ වැඩක්ද?
මිග් - MIG - යානා ගනුදෙනුවත් ප්‍රසූත කරේ රුසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම තානාපති කාර්යාලයේ ඉඳන් බව කටකතා තිබුන එකේ මේ "ඩීල්" එකත් ඒකෙන්ම හදපු පැටියෙක්ද කියලා කවුද දන්නේ?
මට මතක් වෙන්නේ මිග් යානා ගණුදෙනු.
අපි දන්නේ නැද්ද? ඡන්දයක් ළඟ එන නිසා සමහරුන්ට රට පුරාම ඇවිදින්න වෙනවානේ. ඉතින් අලුත් හෙලිකොප්ටර් නැතුව කොහොමද?
පාර්ලිමේන්තුව කොයි වෙලේක විසුරුවයිද දන්නේ නෑ ඊට ඉස්සෙල්ල ටෙන්ඩර් ටිකයි ව්‍යාපෘති ටිකයි ගැන සොයාබලනව නැත්නම් චම්පිකගේ විග්‍රහය අනුව අපේ රට දැන් රුපියලක ආදායමක් ගන්නකොට රුපියල් තුනක් ණය ගෙවන්න වෙනවලු එහෙනම් මේ ගනුදෙනු කාගේ යහපතටද
අපිට ඔය පිටරටවල යුධ වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නම බැරිද ? ගිය සතියෙත් කොල්ලෝ දෙන්නෙක් මැරිලා අවසන් කටයුතු කල , දැන් ණයවෙලා හරි හෙලිකොප්ටර් ගෙන්න යනවා එකට යොදවන්න , තව අවරුදු 5-10 ගියහම කියාවි අපේ හමුදා එහෙදි යුධ නිතිය කඩ කරා ඒවාට පරීක්ෂණ තියන්න ඕනේ කියලා , එතකොට ඒවාට ඉදිරිපත් වෙන පිටරට පෙරකදෝරු සමාගම් වලට ගෙවන්න වෙන්නෙත් අපේ සල්ලි , ඔය මොනවත් නැහැ අපි අනුන්ගේ යුද්ධ වලට නොගිහින් ගෙදරට වෙලා හිටියහම ,
මම මේක දැක්කා රුසියන් පුවත්පතකත් දයාන් ජයතිලක තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ගනුදෙනුව සාකච්චා කරන්නෙ. මිනිස්සු ණය කරල බඩගින්නෙ මැරෙන්න යන කාලෙක මේ අය කොමිස් කුට්ටී පස්සෙ දුවනවා. හෙන ගහන වැඩ මේවා. සාම සාධක හමුදාවට අපි මොකටද ගුවන් යානා දෙන්නෙ? දැන් කියයි හදිසි අවස්ථාවක අපේ සොල්දාදුවන් වෙනුවෙන් කියලා. මේ පහසුකම් යූ එන් එකෙන් ගන්න අපේ රටේ එක නායකයෙක්ට කොන්ද පණ තියේද?