චීන රජය හා ශ්‍රී ලංකාව අතර ඉතා වැදගත් ගිවිසුම් කිහිපයක් සඳහා ජනාධිපතිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) අත්සන් තැබීමට නියමිතය.
චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත්, සුවිශේෂ ගිවිසුම් තුනකට මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර ශ‍්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මගින් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල හමුවේ දී 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු සාකච්ඡා කළේය.
මේ අතර ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර ඇත.
මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබද ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිළි කිරීමට ද නියමිතය.
රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොදින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කිරීමට නියමිතය.
අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් කි‍්‍රයාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ තින්දු තීරණ ජනාධිපතිවරයා විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හිනා මේ ප්‍රවෘත්ති දැකලා අපට නම්... රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක... චීන්නු කොන්දේ බැඳලා ඇත්තේ තාම...
චීන හමුදාව ගෙන්නුවේ නැත්නම් ලොකු දෙයක්.
පස්සේ කියයිද දන්නේ නැහැ අත්සන් කරපු බව දන්නේ පත්තරෙන් හෝ සමාජ වෙබ් ජාලා තුලින් කියලා .
මේ පාර අපේ රටේ සම්පතෙන් වැඩිම වටිනාකමක් ඇති දේපලක් සින්නකර ඔප්පුවක් මගින් චීන මස්සිනාලාට ලියා දෙන්න උප්පර වැට්ටියක් හදාගෙන අපේ ලොක්කා චීනයේ සවාරි ගහන්න ගියාද දන්නේ නැහැ..! කලින් පාර සිරිසේනගේ "අතිජාත, පරම හතුරා" හැටියට එයාම කියපු මැදමූලන ලොක්කා අගනුවර වටිනාම ඉඩමෙන් අපේම යුද හමුදාව පලවා හැර, එය දෑවැද්දක් දෙන අප්පච්චියෙක් හැටියට චීනට ලියා දීපු විදිය අපට තවම අමතක වී නැත..
ලෝකයේ වෙන නායකයන් තම රටේ කුමන හෝ ව්‍යවසනයක් සිදුවී නම්, සියලු සංචාරය අතරමග නවතා තම රටට පැමිණේ. නමුත් අපේ ජනාධිපති ඊට වඩා වෙනස්...
ආසියානු ශිෂ්ටාචාරය සඳහා සම්මේලනයට ගිය එකම රාජ්‍ය නායකයා අපේ මිනිහා තමයි. අනිත් ඔක්කොම නිලධාරීන්... කාටද මේ නාඩගම්?
මොනවද මේ කලබලෙන් ගිහින් ගහපු ගිවිසුම්..? පුද්ගලික ගිවිසුම් නෙමෙයිනේ, රට වෙනුවෙන් රටේ ජනතාවගේ නියෝජිතයා හැටියට ගිහින් ගහපු ගිවිසුම්නේ, ගියෙත් මහජන මුදලින්නේ, ඉතින් ජනතාවට විස්තර කියන්නේ නැතිද?