IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්

( තිළිණි ද සිල්වා)

පැතිරෙමින් යන නව කොවිඩ් ප්‍රභේදයන් හේතුවෙන්  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක  සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය තීරණය කර ඇත.

එඑමීර් රාජ්‍යයේ  සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නවතම චක්‍රලේඛයකට අනුව මෙම තහනම බලපැවැත්වෙන බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය , ඉන්දියාව බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය , කොංගෝ ජනරජය ,ඉන්දුනීසියාව , ලයිබීරායව , නැමීබියා ,නයිජීරියා ,උගන්ඩා ,සියරා ලියෝන් ,දකුණු අප්‍රකිාව , වියට්නාමය සහ සැම්බියාව යන රටවල සංචරකිය්න සදහා මෙම තහනම බලපැවැත්වෙන බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

 එම රටවල් වල සීඝ්‍රයෙන්  පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයන් ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.

 ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු  ඉහත කී රටවල ගත කර ඇති සියලු සංචාරකයින්ට එමීරය වෙත පැමිණීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර , මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමීර් සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයේ සදහන් වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කීය.

නමුත් ඒමීර් රාජ්‍යයේ මෙම තීරණය හේතුවෙන් එරට සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපෙක්ෂාවෙන් හා මේ දිනවල ලංකාවේ නිවාඩු දින ගබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින් බහුතරයක් අසීරුතාවයට පත් ව සිටින බවද වාර්තා වේ.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය මගින් ලාංකිකයින්ට නැවත එරටට පැමිනීම සදහා පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් එරට විදේශ සබදතා හා ජාත්‍යන්තර සහයෝගතා අමාත්‍යාංශය  සමග නිරතුරුවම සකාච්ඡා කරන බවද අබුඩාබි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 

 



අදහස් (0)

ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site