IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ 5 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයන් පස් දෙනෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

මොවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් දෙසැම්බර් 31 වැනි දා ගල්කිස්සේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 272 ක් හා කොකේන් කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගැණිනි. එය ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.52 ක් වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් බංගලි ජාතිකයන් රඳවා ප්‍රශ්න කරන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පුර්ණ සහයෝගය ලංකාවට ලබාදෙන බව එරට පොලිසිය පවසයි.

(28535)



අදහස් (2)

ලංකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ 5 ක් අත්අඩංගුවට

sirimal Tuesday, 29 January 2019 10:11 AM

මෙන්න මෙන්න ලෝකෙටම පාඩමක් කියා දෙන්න හොඳ අවස්තාවක්. ඔය පස්දෙනාම අපේ රටට ගෙන්වලා මරණ දඬුවම දෙමු. අපේ උසාවි ඕනෑවටත් වැඩිය ස්වාධීන බව අද දීලා තියෙන එක නඩු තීන්දුවකින් හොඳටම ඔප්පු වෙලානේ. ඉතින් කාටවත් ආඩපාලි කියන්න ඉඩක් ඇත්තේම නැහැ.

:       0       56

RaveendraWednesday, 30 January 2019 06:29 AM

සහතික ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site