IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ලංකාවට එවූ නදීමාල් සීඅයිඩීය බාරයට

( දිල්රුක්ෂි ග්‍රේරු)

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී  පැවැති සාදයකදී  අත්අඩංගුවට ගත්  සංගීත ශිල්පී අමල්  පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා  සහ  බන්ධනාගාර  නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා  ලංකාවට පැමිණිමෙන් පසු  අද  (27)  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසයි.

කටුනායක ගුවන්තොටුපොළහි  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා  ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු  කරේ.

ඩුබායි රටෙන් පිටුවහල් කරනු ලැබූ මෙවෙුන් දෙදෙනා අද  උදෑසන ලංකාවට පැමිණිමෙන් පසු    රේගු නිලධාරීන් විසින්  අපරාධපරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන්ට  බාර දී තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් ලංකාවේ වෙනත් චෝදනා ඇත්දැයි සොයා බලා කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද  පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඡායාරූප - ටී.කේ.ජී.කපිල



අදහස් (11)

ලංකාවට එවූ නදීමාල් සීඅයිඩීය බාරයට

kumarage Wednesday, 27 March 2019 04:46 AM

දැන් ඉතින් අපේ රටේ ඉන්න අයට කරටි කඩෙන තර්ක ගෙනල්ල මුන්ව නිදහස් කරලා ගානක් හොයාගන්න පුළුවන්.......මෙයාව විතරක් නෙවෙයි මෙයාගේ තාත්ත, මධුෂ් ඇතුළු පිරිසව 'නිදොස්කොට නිදහස් කරවන්න සල්ලි විතරමි ඕනේ..

:       0       73

smn Wednesday, 27 March 2019 05:15 AM

නදීමාල් පෙරේරා වෙත…... නරක තාත්තෙකුට දාව උපන් පුතකු වශයෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම හරහා ඔබද ලංකාවේ දේශපාලන කෙළිබිමට ප්‍රවිෂ්ටව බඩපිණුම් ගැසීමට සුදුසුකම් ලබා සිටින බව ලංකාවේ ඡන්දදායක මීහරකුන් වන අපි මෙයින් සතුටින් සහතික කර සිටිමු.

:       0       669

NuwanWednesday, 27 March 2019 07:46 AM

ඔබේ ගිණුමට ලක්ෂයක් දානවා කිව නිවැරදි අගනා කතාවට

:       0       274

ඇත්ත සත්‍යපාල Wednesday, 27 March 2019 07:07 AM

නළු නිලි සංගම්, ගායක ගායිකා සංගම් එකී නොකී ඔක්කොම එකතුවෙලා ලොකු ලොක්කන්ට දේශපාලුවන්ට කතා කරලා මේ වෙනකොටත් මෙයාව ගොඩ දාගන්න කතා කරලා ඇති. අන්තිමට හිරේ යන්නේ නිකම්ම නිකම් සිරිපාලලා ගුණදාසලා සෝමක්කලා විතරයි. ඔය කවුරු මොනවා කිව්වත් මාකදුරේ මධුෂ්ගේ තාත්තගේ මල ගෙදරට මල් ඉහින්න හෙලිකොප්ටරය අරන් දුන්න කෙනා කිසි විටෙක හෙළි නොවෙනු ඇති. එයට හේතුව කුඩු සල්ලි වලට ඕනෑම වැඩක් කරලා දෙන අය ඉහළම තැන්වල ඉන්න නිසා. පුලුවන්නම් අල්ලන්න කියන්න හෙලිකොප්ටරය අහසට නගින්නට අවසරය ගන්නට උදවු කල අය. මෙන්න කැට. එය කවදාවත් නොවෙන දෙයක්. එහෙව් රටක් මේක.

:       0       557

NissankaWednesday, 27 March 2019 07:42 AM

සීයාගේ නම ගෙනියන්න හිටිය මුණුබුරා. කොයි තරම් වටිනා තරුණ ජිවිතයක්ද මේ දෙමව්පියන්ගේ වරදින් විනාශ උනේ?

:       129       271

Hafeel Wednesday, 27 March 2019 07:48 AM

අර පොහොට්ටුවේ මන්ත්‍රී ගිහින් නැද්ද ගුවන්තොටුපොළට පිළිගන්න?

:       1       354

banda Wednesday, 27 March 2019 07:49 AM

මෙයා අනිවාර්යෙන්ම පුන්රුත්තාපන කදවුරක දාල ගන්න ඕන තරුණයෙක් .....

:       2       189

Bamunuarachchi Wednesday, 27 March 2019 09:38 AM

දරුවෝ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නවෙනවා කීවේ කට කහනවාට නොවෙයි. ඉතිරිටික පසුව කියන්නම්.

:       0       224

dias Wednesday, 27 March 2019 10:08 AM

සමාජය පරිස්සම් විය යුත්තේ මෙවැනි අයගෙනි. මොවුන් තමන්ගේ "ජනප්‍රිය" භාවය උපයෝගී කර ගනිමින් මත්කුඩු ව්‍යාපාර කරන අයවලුන්ය...

:       0       17

chathuri Wednesday, 27 March 2019 12:06 PM

වැරදි තිබුණත් ප්‍රශ්නයක් නැහැ දැන් ඉන්නේ ලංකාවේ, කුඩුවලින් හම්බ කරපු සල්ලි මිටි ගණන් ඒවා. දැන් වියදම් කරන්න, සල්ලි දුන්නු ගමන් මේ දරුවා අසරණයි ස්වාමීනි කියන්න නිවටයෝ කෙල හලාගෙන පෝලිමේ ඉන්නේ..., ජනාධිපතිතුමන්ට පුළුවන්. මොවුන්ට දඬුවම්... කරවන්න පුතා හිස් අතින් ලංකාවට එන්නේ නැහැ. පෝලිමේ කුඩු නැව් එනවා මොවුන්ට සින්දු ලියන්න ඕන කුඩු එපා වෙන විදියට අපේ කට්ටියට. හෙට වෙනකොට මේ සේරම අමතකයි. අවුරුදු ගානක් ප්‍රභාකරන් ලේ බිව්වා.. දැන් ඇඟට නොදැනී ජීවිත බිල්ලට ගන්නේ තමන්ගේ උන්මයි. මොවුන්ට වරද තිබුණත් නැතත් එල්ලන්න..

:       10       72

Vijitha Thursday, 28 March 2019 05:04 AM

අයියෝ කෝ මේ කළා කාරයෝ. මේ වගේ වීරයෙක් එතෙර නමක් තියලා එනකොට ගුවන් තොටුපොලේදී මෙහෙමද පිළිගන්නේ .

:       0       18

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මෛත්‍රී රෝද තුනෙන් යයි
2024 ජුලි මස 26 4720 11

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජ


රනිල් ඇප තියයි
2024 ජුලි මස 26 6634 41

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්ප


ජනපතිවරණය සැප්තැම්බර් 21
2024 ජුලි මස 26 3246 15

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


ජනපති පුටුවට දැනට 12ක් සටනට
2024 ජුලි මස 26 6641 8

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.


’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’
2024 ජුලි මස 25 16689 23

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබ


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 24 8651 12

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site