ශ්රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරස් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබේ.
කොරෝනා ආසාධිත පුද්ගලයා මේ වන නිරෝධායනයට ලක් කර මේ වන විට අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි.
52 හැවිරිදි මෙම පුද්ගලයා සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවා සපයා තිබේ.
මෙම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10) තහවුරු කරගත්තේය.
COMMENTS
මේ පුද්ගලයා වගේම ඔය කියන සංචාරකයින් ටික නැවතී හිටපු හෝටල්, ඔවුන්ට සේවය කරපු සේවක සේවිකාවන් ඒවත් හොයන්න. අවශ්‍යයි ඉතාලියේ සීග්‍රයෙන් මේ රෝගය පැතිරෙද්දී නායකයෝ මොවුන්ව රට ඇතුළට ගන්නේ ඇයි ? ගුවන් තොටුපළේ මිලියන ගානක් වටිනා මැෂිමට මේ කට්ටිය අහුවුනේ නැත්ද ? ලාංකිකයාගේ පවුලේ කට්ටිය ඒ කට්ටිය පරික්ෂා කෙරුවද? මෙය බොරුවක්ද ? ලංකාවේ බෝවෙන්නේ පවුලේ එක සාමාජිකයකුට විතරද ? රෝහලේ ඔහු ලග හිටපු කට්ටිය ? එක බොරුවක් වහන්න බොරු 100 කියන්න වෙයි.
මොනවා වුනත් කිසිම කෙනෙක් කැමැත්තෙන් ලෙඩ හදා ගන්නේ නැහැ. තම ජීවිකාව වගේම රටෙත් ආදායමක් උපයපු පුද්ගලයෙක්. ඔහු සහ පවුලේ අයවත් ඇසුරු කරපු අයත් හොයලා ගමන් ගත් වාහනවල කාර්ය මණ්ඩල වල අයත් නිරෝධායනයට ලක් කළ යුතුයි නේද ?
චතුරිව දාන්න තිබ්බේ මේ වැඩේ සම්බන්ධීකරණය කරන්න. මාර දැනුමක්නේ තියෙන්නේ...
ඉක්මන් සුවය පතනවා...