(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහරදී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද (19) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්, දිල්ෂාන් තාරක, නවෝද කිත්මල්, හර්ෂ නයනජිත්, සුපුන් සමීර, කසුන් දිනෙත්, එස්.විමලසූරිය, නවීන් හර්ෂණ, ලහිරු සචිත්‍ර, කේ.ලක්ෂාන්, ප්‍රදීප් ධම්මික, නුවන් සම්පත්, ශමිල් නාරද, හර්ෂ දේවප්‍රිය, ඩබ්ලිව්.එම්.රූපසිංහ, කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රිය යන සිසුන්ය.
ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි හබරගමුවගේ දර්ශ උදයංග (22) නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට පත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර සිසුන් පිරිස මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
නවකෙවධයට ලක් වු බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.
ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කොට රජයේ කිසිම විභාගයකට ඉදිරිපත් නොවීමට කටයුතු කලොත් හොඳයි ... ඔවුන් මානසික ලෙඩ්ඩු...
තව දුරටත් ඇප නොදිය යුතුයි. අපරාදේ අම්මලා තාත්තලා දුක් විඳලා මුන්ට ඉගෙනගන්න වියදම් කරපු සල්ලි.. අපේ රටේ විතරයි මේවා...!!!
මෙම නිවටයන්ට තවදුරටත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල්වලින් මෙලෙච්ඡ ක්‍රියාවන් කිරීමට ඉඩනොදෙන ලෙස අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම "මෘගයින්ගේ" සියලුම විස්තර ඡායාරූපද, ලිපිනයන්ද මහජනතාවට දැනගැනීමට ඵල කිරීමෙන් ඉදිරියේදී මෙවන් නිවට ක්‍රියාවන්ට නැඹුරුවීම වැළකෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. අවසාන වශයෙන් අප මෙසේද සඳහන් කිරීමට කැමැත්තෙමු. "19 දෙනාගේම " දෙමාපියන් මොනතරම් දුක් කම්කම්කටොලු විඳදරාද ඔය තත්වයට ගෙනඒමට උත්සාහ කරේ යන්නවත් හිතන්න."උපන් රටටත් බරක් බව දැනගනිව්..." අන්තරේ ඉන්න අයට මෙය කියවීමට හැකිවේවා... !!!
මමත් බැලුවා ඔහුගේ මාද්‍ය සාකච්ඡාව .මමනම් ලකුණු තිබ්බත් පෞද්ගලික සරසවියක ඉගෙන ගත්තේ වෙලාවට. නැත්නම් මටත් දෙවිපිහිටයි. මොනවා උනත් පව් මේ අහිංසකයා. ඔය 19 දෙනාට ඇප නැතිව සිර දඩුවම් දෙන්න ඕන .
මේ අයගේ නායකයා මහා ශිෂ්‍ය සංගමේ සභාපති කියා ගන්න පුද්ගලයෙක්නේ. මහා ශිෂ්‍ය සංගමේ කියන්නේ අර ඕස්ට්‍රේලියානුවාගේ බංකොලොත් පක්ෂයේ බළල් අතක් බව කවුරුත් දන්නවනේ.. ඔවුන් රටේ පාලන බලයත් ඉල්ලන්නේ මේ වගේ වැඩවලට බව සිහි මොලේ ඇති මිනිස්සු තේරුම් ගනිත්වා...
ලෝකයේ කිසිම රටක නැති සරසවි ශිෂ්‍ය ප්‍රශ්න තමයි අපේ අයට තියෙන්නේ. නැහැදිච්ච ප්‍රශ්න, මුඩුක්කු ප්‍රශ්න, වෙනවෙන ප්‍රශ්න...