
(යොහාන් භාසුර)
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව ආචාර්වරුන්ගේ සහ සේවකයන්ගේ ද අයිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක් බාරදුන්නේය.
රුහුණ විශ්ව විද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා පත්වී වසර තුනක පමණ කාලය තුළ අවස්ථා 20 කදී සිසුන් සිසුන් සිරගත කර ඇති බවත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ඇතු`ඵ ශිෂ්‍යයන් 11 දෙනකුගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා අහෝසි කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
විවිධ අදහස් මතාවාදයන් සඳහා විවෘත ස්ථානයක් බවට පත්වියයුතු රුහුණ විශ්ව විද්‍යාලය උපකුලපතිවරයාගේ මතය පමණක් නියෝජනය වියයුතු තැනක් බවට පත්ව ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජනය කරමින් එහි සාමාජික කොබෙයිතුඩුවේ සමිත හිමියෝ ඇතු`ඵ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් මෙම ලිපිය බාරදුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න.
අපට අපේ පාඩුවේ නවක වදය දෙන්න.. අපිට ඕන වෙලාවට ඉගෙනීමේ කටයුතු නවතා පාරේ කෑමොර දෙන්න ඉඩ දියව්... මීට අන්තරේ ඉන්න ගොබ්බ අන්දරේලා..
විශ්ව විද්‍යාලය පිස්සන් කොටුවක් බවට පත් කර ගන්න දඟලන මන්ද බුද්ධිකයින්ට, උපකුලපති, මහාචාර්ය ගාමිණී සේනානායක මහතාව හිසරදයක් වගේ දැනෙනවා ඇති. මම නම් කියන්නේ මෙතුමාව විශේෂ තනතුරක් හෝ ඇතිකොට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල වල විනය සම්බන්ධයෙන් අධීක්ෂණ නිලධාරියෙකු වශයෙන් පත්කළ යුතු බවයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියම විනාශ කරන මෙවැනි උන්මන්තකයිගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට මොවුන්ව පුනරුත්තාපනය කළ යුතුයි. මේ උන්මන්තකයින්ගෙන් රටේ සියලුම ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කරගත යුතුයි. ඇත්තම කියනවා නම් අපේ රටේ ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේ රජයේ විශ්ව විද්‍යාල තුළින් බිහිවී සමාජ ගතවෙන මෙවැනි මොලේ විකුර්ති තත්වයේ සිටින උන්මන්තකයිනුයි. ගාමිණී සේනානායක මහතාට මෙවන් විපරිත කාරයින්ව මෙල්ල කිරීමට ශක්තිය දිරිය ලැබේවා!! මේ රටේ බුද්ධිමත් ජනතාව ඔබ තුමා සමගයි.
උපකුලපතිට විරුද්ධ වන කලහකාරීන් සහ නවකවදයට උරෙදෙන වුන්ය.
මේ කාලකණ්ණි ශිෂ්‍ය සංගම් තහනම් කරන්න . මුං ඉන්නකම් විශ්ව විද්‍යාල දියුණු කරන්න බැහැ . අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න කියල මුං කියනවද. එක තැන පල්වෙන කාලකණ්ණි පිරිසක් .
ජවිපෙ, ස්ටාලින්, කුරුටුගාමි සහ ගෝලබාලයෝ ටික ලංකාවේ අධ්‍යාපනය හප කරලා දානවා.