
යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි. කිසිම විටකත් සිවිල් ජනතාව සිටින ස්ථානවලට පහර නොදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලයි.
මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ රුසියන් තානාපති වැසීලි නෙබෙන්සායා දැනටමත් විශේෂ හමුදා මෙහෙයුම පටන් ගෙන ඇති බව පිළිගෙන ඇත.
(034)

COMMENTS
රුසියාවේ වැඩේ නිසා අපිට ලයිට් නැහැ. උදේ 8.30ට කපලා ආයෙත් හවස 4.30ට කපනවා. හාල් කිලෝ එක රුපියල් 160 යි... පොල් ගෙඩිය 120යි. භූමිතෙල් ටිකක් ගන්න පෝලිමේ නිදාගන්න ඕනේ... අනේ දෙවියනේ ඔය යවන එකක් කැරකිලා වරෙන්කෝ ලංකාවේ දියවන්නාවට...
කොරෝනාවෙන් ලෝකය බැටකන මේ අවස්ථාවේ අනවශ්‍ය විදිහට යුද පටන් අරන් ජීවිත දස දහස් ගණනක් වනසමින් ලෝකයම අමාරුවේ දමන මෙවැනි ඒකාධිපති පාලකයන්ට හෙන 7ම වදින්න ඕනේ... මේ වැඩවලින් අමාරුවේ වැටෙන්නේ යුරෝපය සහ රුසියාව පමණක් නොව, තෙල්මිල ඉහළ යාම නිසා ලංකාවේ ජීවිත දුක් විඳින්න සිද්ධ වෙනවා.
හරිම සතුටුයි. පුටින් මැතිතුමනි, අපි ඔබ සමගයි.
ඉල්ලං කනවා කියන්නේ මේවාට තමයි. රුසියාව බෝඩරේ තියාගෙන රුසියාවත් එක්ක ගේම ඉල්ලන්න යන්නේ මොකටද? නේටෝ කියන්නේ රුසියාවට විරුද්ධව ඇමරිකාව යුරෝපා රටවල් එක්ක හදාගත්තු යුද සංවිධානය. යුක්‍රේන් ඕකට බැඳෙනකන් රුසියාව අත්දෙක බැඳන් ඉන්න එකක් නෑ කියලා පොඩි එකෙක්ට වුණත් තේරෙනවානේ...!!! කොයි රටෙත් දේශපාලුවන් කරන්නේම ගොන් වැඩ තමයි...
යුක්රේනය නේටෝවට ඈඳෘගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ඇති වුවමනාව මේ යුද්ධයට මුලයි. යුක්රේනය, නේටෝ රටක් වුණොත් ඒක රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව රුසියාව දන්නා නිසා රුසියාව යුද ක්‍රියා මාර්ගයට එළඹ ඇත. යුද්ධ නොකර මෙය සාකච්ඡාවෙන් විසඳාගත නොහැකි මන්ද...?
දැන් බලමු කවුද උදව්වට එන්නේ කියලා...!
කුමන හේතුවකට වත්, ස්වාධීන රාජ්‍යයක්... ආක්‍රමණය කිරීම හෙලා දකිමු. ඉතිහාසගත වෙන වැරැද්දක්. නින්දිත ක්‍රියාවක්...
ට්‍රම්ප්ගේ කාලේ යුද්ධ තිබුණේ නැහැ මොනවා වුණත්. දැන් යුරෝපයේ ඇමෙරිකාව විතරක් නෙමෙයි අපිටත් විඳින්න වෙයි.
රුසියාවට ජයවේවා...! ඇමරිකන් අධිරාජ්‍ය වාදයට භංගවේවා...!!!
දෙවන ලෝක යුද්ධයෙන් පසු රටක් වෙනත් රටක හමුදාවන් විසින් කරනලද විශාලතම මෙහෙයුම මෙය වේ...
එතකොට ඇමරිකන් හමුදාව විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඉරාකය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් විනාශ කරේ කොයි කාලෙද? අදටත් ඒ රටවල් ඒවල විපාක විඳිනවා. මේවා බටහිර මාධ්‍යවල යන්නේ නැහැ. ඒකයි අජිත්ලා වගේ අය මේවා නොදන්නේ...!
එක්සත් ජාතීන්ට කරන්න පුළුවන්... හිඟන රටවල් වලට තර්ජනය කිරීම විතරයි.. රුසියාව කනෙන් අල්ලලා දණ ගස්සන්නේ නැතිව ආයාචනා කර කර ඉන්නේ ඇයි...? සමාජවාදය, ධනවාදය කියන්නේ එකම දෙපැත්ත වචන හරඹ විතරයි. අවසානයේ ප්‍රබලයා, දුබලයා බය කරන් ජීවත් වෙනවා...
ඉස්සෙල්ලා චීන්නු වසංගතයක් මුදාහැර ලෝකයම විනාශ කළා. දැන් ඊළඟ එක්කෙනා තවත් එකක් කරනවා. මේකට මොක්කු එකතුවේද කියන්න අමාරුයි.. තණ්හාය ජායතී සෝකෝ... කොහොම වුණත් චීන්නු කළ වැඩේ වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. මෙය තෙවන ලෝක යුද්ධය නොවේවා...! ලෝකයට සාමය උදාවේවා..!!!
හොඳ නායකයෝ නැති වුණාම ඒ රටේ ජනතාවට විඳින්න වෙන හිරිහැර විඳිනවා. දැන් කියනවා තුවක්කු තියන් ආරක්ෂා වෙන්නලු..