
රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු හමුදා විසින් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගැනීමෙන් පසුව යුක්රේන අගනුවර වූ කියෙව් නගරය බලා ගමන් කිරීම ආරම්භ කර තිබූ අතර කියෙව් හි යුක්රේන හමුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියානු යුද ටැංකි කියෙව් දෙසට ගමන් කරමින් සිටින බවය.
එම නිවේදනය නිකුත් කර ටික වේලාවකට පසුව රුසියානු හමුදා විසින් කියෙව් නගරය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඒ හේතුවෙන් කියෙව් නගරයේ ජනතාව විශාල වශයෙන් නගරය අත්හැර දමා යෑමට පෙළඹී තිබුණ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට පමණ රුසියානු හමුදා යුක්රේන කියෙව් නගර සීමාවට ඇතුල් වී ඇති අතර මේ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර තිබේ.
ඊයේ දින නගරයේ මිසයිල ප්‍රහාර හමුවේ අනතුරු ඇඟවීම් නලා තුන්වතාවකට වැඩි වාර ගණනක් නාද වූ බව යුක්රේන බලධාරීහු පැවසූහ.
නගරයට පැමිණෙන රුසියානු හමුදාවන් ගෙන් නගරය ආරක්ෂා කිරීම සඳහා යුක්රේන හමුදා වීදි වල ආරක්ෂක මුරපොළවල් යොදා ඇති අතර පැමිණි සහ පැමිණෙන සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෙට්‍රල් බෝම්බ සදා ගෙන සුදානම් වී සිටින ලෙස යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය කියෙව් නගරයේ සිටින සිවිල් වැසියන්ට පවසා තිබේ.
දැනට නගර සිමාවේ කෙතරම් රුසියානු හමුදා සිටීදැයි ප්‍රකාශ කර නැතත් තවත් හමුදා සහ සන්නද්ධ වාහන කොනොටොප් සිට පැමිණෙමින් සිටින බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
කියෙව් නගරය බලා රුසියානු හමුදා පැමිණි ගමනේදී රුසියානු හමුදාවේ 800 ක් මරණයට පත් වූ බවත්, යුද ටැංකි 30, සන්නද්ධ රථ 130, ප්‍රහාරක හෙලිකොප්ටර 6 ක් සහ යුද ගුවන් යානා 7 ක් විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වුණු බවත් යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.58 රුසියානු විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් ප්‍රකාශ කළේ අපි යුක්රේනය නාසින්ගෙන් නිදහස් කරනවා යනුවෙනි.
බේරීමට මගක් නොවූ විට ත්රස්තවාදීන් ක්‍රියා කරන්නා සේ යුක්රේන හමුදා විසින් සිවිල් ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉගෝර් කොනශෙන්කොව් කියයි.
තවද යුක්රේන හමුදා සිවිල් වැසියන් බහුලව ජීවත් වන ප්‍රදේශ වල බහු රොකට් විදිනයන් ස්ථානගත කර ඇති බවත් එවිට රුසියානු හමුදා එයට පහරදෙන විට යුක්රේන සිවිල් වැසියන් විශාල වශයෙන් මරණයට පත් විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
යුක්රේනයේ සිටින නිදහස් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කර සිටියේ සිවිල් ඇඳුමෙන් සිටින ඒ.කේ 47 ගිනි අවි අත දරා ගත් පුද්ගලයන් කියෙව් නගරයේ සිටින අයුරු දැක ගත හැකි බවත් සමහර පුද්ගලයන් අත ආර්.පී.ජී පවා තිබෙන බවයි.
හමුදා සංචිතයේ සිටින අතිරේක සොල්දාදුවන්ට ගිනි අවි 18000 ක් සහ පතොරම් ලබාදුන් බව යුක්රේනු ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් පවසයි.
අතිරේක සොල්දාදුවන් යනු හමුදා පුහුණුව ලැබූ සිවිල් වැසියන්ය.
(034)
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



COMMENTS
යුක්රේනය නාසින්ගෙන් නිදහස් කරනවා වෙනුවට වෙන්නේ නාසීන් අතට පත්වීමයි.
පුටින් කිව්වා "ඇමෙරිකාව කැමති නැහැනේ අපි ගිහින් මෙක්සිකෝවේ හමුදා කඳවුරු හදනවාට.. අපි කැමතිත් නෑ, අපේ යාබද රට නේටෝ වෙනවට, කියලා... කිව්වා.. කිව්වා ඇහුවේ නෑ. දුන්නා වටකරලා. අන්තිමේදී සපෝට් එකට කවුරුවත් නෑ..
මිනීමරුවෙක්, ත්‍රස්තවාදියෙක්, හොරෙක්... මෙයා කරන දේ සාධාරණීකරණය නොකරන්න. එසේ කළහොත් යම් දිනක ඉන්දියාව අපිට ගැහුවොත්, එයත් පිළිගන්න සූදානම් වෙන්න. අපිට ඕනෑම රටක් එක්ක ස්වාධීනව සම්බන්ධතාවයන් තියන්න, ගිවිසුම් ගහන්න පුළුවන්.. එය අනෙක් රටවලත් පොදුයි..
දුප්පත් රටවල්වලට උදව් කරලා තමන්ගේ රට බංකොළොත් කරගන්න කවුද කැමති..? මෙවා අතින් වියදම් වෙන වැඩ කියලා ඔවුන් දන්නවා. පොඩි රටක නම් උඩ පැනගෙන එයි. රුසියාව එක්ක යුද්ධ කරලා කොහෙන් නතර වෙයිද කියලා කවුද දන්නේ...?
තමන්ට පුළුවන් දේවල් කරන්නේ නැතිව අනුන්ගේ හයිය අරන් උඩ පැනලා රට විනාශ කර ගත් කෙනෙක් ජනපති වෙලා කරගත් දෙයක්..
මෙය වැරැදි ප්‍රවේශයක් බව මම විශ්වාස කරමි. ප්රජාතන්ත්රවාදී ස්වාධීන ස්ථාපිත රටක් ආක්‍රමණය කිරීම සඳහා රුසියාව ජාත්‍යන්තර නීතිය හා සාමය අමු අමුවේ නොසලකා හැර තිබේ..!
මේ තීරයේ ගැම්මෙන් ඉන්න බමුණුආරච්චි, කිරිපුතා, රවීන්ද්‍ර, බද්රානි අති පණ්ඩිත සෙට් එක යැව්වා නම්, පණ්ඩිත ටෝක් දීලා යුද්දේ නවත්වාවි. පූටින් බයේ දුවාවි එතකොට.
යුද්ධය කවුරු කළත් මොන දේ කිව්වත් ම්ලේච්ඡයි. යුද්ධය හැර ප්‍රශ්න විසඳන්න ක්‍රමයක් නොදන්නේ වනචාරීන්... අපිට තියෙන්නේ කිරි පැකට් එකක් ගන්න, කුප්පි ලාම්පුවක් හොයාගන්න වගේ ප්‍රශ්න.. නමුත් මේ වගේ තත්වයකදී ලෝකයේ සියලු රටවල් මේ ආක්‍රමණයට එරෙහිවිය යුතුයි. එක්සත් ජාතීන් ඉන්නේ අපි වගේ පෙට්‍රල් භාගයක් ගන්න පෝලිමේ ඉන්න මිනිස්සුන්ට සම්බාධක දාන්න විතරයි...
කොහේ වුණත් අහිංසක මිනිස්සු මැරෙන එක අනුමත කරන්න බෑනේ. ඒත් Volodymyr Zelenskyy දැනගන්න ඕනේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. අනුන්ගේ ඇඟිලිවලින් කහගන්න බලන් ඉන්න ඔක්කෝටම හොඳ පාඩමක් මේක...!
අනාගතයේදී සිදුවන යුද්ධයක් ගැන බයිබලයේ එසකියල් පොතේ 38 පරිච්ඡේදයේ සඳහන් වේ. එය රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ආරම්භ වන මෙම යුද්ධය නම්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පමණක් නතර වන්නේ නැත. රුසියාව සමඟ ඉරානය ඇතුළු රුසියාවේ මිත්‍ර රටවල් සන්ධාන ගතවනු ඇත. ඔවුන් අවසානයේදී ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ඇත. රුසියාව මොන යුද්ධය ජයගත්තත් ඊශ්‍රායලය සමග දෙවියන් වහන්සේ සිටින නිසා එම යුද්ධය, රුසියාව ඇතුළු මිත්‍ර රටවල් පරාජය වනු ඇත. දේව වචනයේ මෙසේ සඳහන් වේ. "නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත. එය මතු දවස්වලදී සිදුවන්නේය. මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කළ, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි." - (එසකියෙල් 38:16 [CBS-OV-1938]) "මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමග සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි." - (එසකියෙල් 38:22 [CBS-OV-1938])
පුටින් ඇමරිකාවට අකමැති වුණා කියලා වෙනත් ස්වාධීන රටක් වන යුක්රේනය බටහිරට ලංවෙන එක එයාට ආක්‍රමණ වලින් නවත්වන්න බෑ. පුටින් කියන්නේ එකාධිපති මිනීමරුවෙක්.. ලෝකයම (චීනය පවා) මේ කරපු වැඩේ වැරදියි කියද්දී ලංකාවෙ ඉන්න ඊනියා 'බටහිර විරෝධියෝ' පුටින්ට හුරේ දානවා... හැබැයි මේ අය බෝට්ටුවෙන් හරි පනින්න ඉන්නේ බටහිර රටවලටම තමයි.
අනේ අපි වගේ රටකට නම් නෙටෝවට සහාය දෙන්නත් බැහැ. රුසියාවට විරුද්ධව වචනයක්වත් කතා කරන්නවත් බැහැ. මතකයිනේ මානව හිමිකම් කවුන්සිලයේදී ඔය යුක්රේනය ඡන්දෙ දුන්නේ අපිට නෙමෙයි, අනිත් පැත්තටනේ.. ඒකට ඉතින් එහෙ පත්කරලා ඉන්න සුපුරුදු අදක්ෂ කිසිම කිසි වැඩක් නොකර පිනට කකා ඉන්න අපේ තානාපතියත් වග කියන්න ඕනි. රුසියාව විතරයි අපිට වචනයකින් වුණත් සහයෝගයට ඉන්නේ. ඒ නිසා ජාතියක් විදියට කට පරිස්සම් කරගෙන ඉන්න තියෙන්නේ.
රුසියන්, යුක්රේන අර්බුදය විවිධ රටවල මාධ්‍ය නියෝජනය හා දේශපාලන නියෝජනය කොහොමද කියලා දැනගන්න පුළුවන්ද?