රුසියන් හමුදාවන් යුක්රේන කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30 වන විට රුසියානු හමුදාවන්ට කියෙව් නගරයට ළඟ විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.
ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.05 යුක්රේනයේ අගනුවර වූ කියෙව් නගරයේ පිපිරීම් හඬවල් ඇසීමට පටන් ගත් බව යුක්රේන මාධ්‍යවේදීන් වාර්තා කළා
රුසියානු ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ පටයක් මගින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු පැවසුවේ රුසියාවේ ප්‍රධාන ඉලක්කය තමන් සහ තමාගේ පවුලේ අය ඝාතනය කිරීම බවයි. ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කිරීම තුලින් යුක්රේනය අස්ථාවර කිරීමට රුසියාව බලාපොරොත්තු වන බව සෙලෙන්ස්කි පවසයි.
අනන්‍යතාවය හෙළි නොකළ හැකර් කරුවන් පිරිසක් රුසියාවට සමග සයිබර් යුද්ධයක් ආරම්භ කර ඇති අතර මේ වන විට රුසියන් ටුඩේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
රුසියානු හමුදා විසින් යුක්රේනයේ චාර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගෙන ඇති අතර ඔඩෙසා හි සිමිනි දුපතේ පාලනය ද යුක්රේන හමුදාවෙන් ගිලිහී තිබෙනවා. සිමිනි දුපත රුසියානු හමුදා අත්පත් කරගත් අවස්ථාවේ එහි සිටි යුක්රේන සොල්දාදුවන් 13 රුසියානු හමුදා ඝාතනය කළ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.
චාර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සහ කලාපය අත්පත් කර ගැනීමෙන් පසුව එහි සිටි සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රුසියානු හමුදා විසින් ගෙන ඇති බව තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ රුසියානු රාජ තාන්ත්‍රිකයෙක් නෙරපා ඇති අතර එයට නිසි පිළිතුරක් ලබා දෙන බව රුසියාව පවසයි. මේ වන විට යුක්රේනයේ එස්-යු 27 සහ එස්-යු 24 ප්‍රහාරක යානා හතරක් ද ටිබී-2 ඩ්‍රෝන යානා හතරක්ද රුසියානු හමුදා විසින් ගුවන් ප්‍රහාර මගින් යුක්රේන හමුදා කඳවුරු ඇතුළු ගොඩනැගිලි 83 අඩපන කීරීමිට රුසියානු හමුදා සමත් වී ඇත.මෙම හමුදා ඉලක්ක 83 ට යුක්රේන හමුදා ගුවන් පත 11 ද රේඩාර් පද්ධති 18 ක් ද ඇතුළත් වන බව පවසනවා.
සම්බාධක පැනවූ රටවලට අලුතින් තායිවානය,නවසීලන්තය එකතු වී තිබේ.ඊයේ දින රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්රේන සොල්දාදුවන් ඊයේ දින 137 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 316 දෙනෙක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් පැවසූහ.
යුක්රේන අවු 18-60 අතර පිරිමින් රටින් පිටවීම තහනම් කර ඇත.
රුසියාවේ යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී ඇති අතර දැනටමත් 1675 දෙනෙක් රුසියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.ඉන් 900 අත් අඩංගුවට ගෙන ඇත්තේ මොස්කව් නුවරදීය.
බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ පමණක් යුක්රේන සොල්දාදුවන් 40 දෙනෙක් සහ සිවිල් වැසියන් 10 දෙනෙක් මිය ගොස් ඇතැයි යුක්රේන බලධාරීහු පැවසූහ.
රුසියානු යුධ භටයන් ප්‍රවාහනය කරන ගුවන් යානයක් කඩා වැටී ඇති අතර එහි සිටි සොල්දාදුවන් සංඛ්‍යාව රුසියානු රජය ප්‍රකාශ කර නොමැත.
යුක්රේන විශේෂ බලකා භටයන් විසින් රුසියානු යුද ටැංකි 30,ප්‍රහාරක ගුවන් යානා 5 සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 6 ක් විනාශ කළ බව යුක්රේන හමුදා විශේෂ බලකායේ ප්‍රකාශකයෙක් පැවසීය.
(034)
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයේ
Vasudewa Friday, 25 February 2022 02:42 PM
බඩුමිල වැඩිකරන්න හොඳ වේලාව...!
BamunuarachchiFriday, 25 February 2022 09:25 PM
ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල වැඩිවුණු බව දන්නේ නැද්ද..?