( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අද (23) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් ඊ ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන ජූලි 6 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ තෙවැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතාය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ
කිසිදු නීතිවිරෝධී කටයුතු වලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.එහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂවරයා , මහජන ආරක්ෂාව පිලිබද අමාත්‍යවරයා , එම අමාත්‍යාංශය ලේකම් , ආරක්ෂක ලේකම්වරයා , පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිෂාඩ්-රියාජ් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි
chandana Wednesday, 23 June 2021 03:31 PM
කියන්න ඕනෑ නැහැ වෙන්නේ මොකක්ද කියලා... තේරෙනවනේ ඕනෙ කෙනෙකුට.
කිරිපුතා Wednesday, 23 June 2021 04:23 PM
දැන් අපිද නඩු අහන්න ඕනෑ?
fairoos Wednesday, 23 June 2021 08:08 PM
නඩු තීන්දු ආණ්ඩුවට අවාසි නම් ඒකෙන් ඉවත් වෙන එක හොඳයි. නැතිනම් දන්නවනේ අපේ සර්ගේ වැඩ...
BamunuarachchiFriday, 25 June 2021 11:31 AM
අපිට ඕනේ මිනිහව එල්ලුම් ගස් යවන්න.