IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා කැමති නෑ

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ නොකරන බව නීතිපතිවරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මේ බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මෙම පෙත්සම් අද විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් රහස් පොලිස් බාරයේ ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා විසින් මීට පෙර අධිකරණයේදී එම ඉල්ලීම සිදුකර තිබුණි.

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණි.

 



අදහස් (0)

රිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා කැමති නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site