
(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද පොලීසියට අවසර ලබා දුන්නා ය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ට අනුව ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන 46 හැවිරිදි අයේෂා ආබ්දීන්, ඇගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් සියාබ්දීන් සහ ඇගේ සහෝදරයා වන 44 හැවිරිදි සියාබ්දීන් ඉස්මදීන් සහ දැරිය තැරැව් කළ බව කියන ඩයගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පොන්නයියා පණ්ඩාරම් නොහොත් "ශංකර් " යන අයවලුන්ට ය .
මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අහිංසක කාන්තාවක් අත්අඩංගුවට ගත්තෝ.... කෝ මේ කාන්තා අයිතීන් පිළිබඳව කෑමොර දෙමින් ඩොලර්වලින් ජීවිතේ ගොඩයන NGO ටකරන් මඩු අයිති කොළඹ හතේ මෝස්‌තර නෝනලා ටික හැබෑට...? ඒ නංගිලා කෑගහන්නේ නැතෙයි...
අර විමල්ගේ ගෙදර මැරුණු ළමයාගේ කතාව නැවතුනේ කොතනද ?
රවිද්‍ර ඇත්තමයි. තව ටිකක් දවල් වෙලා ඇහැරිලා ඇවිල්ලා කොමෙන්ට් කරයි.
එයාලගේ සේවාදායකයෝ මේකට විරෝධතා පැවැත්තුවට ගෙන්වන්නේ නැහැලු. රතු මල්ලිලාටත් එහෙමයි.