IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(නාලක සංජීව දහනායක)

සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අද (11) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ හෙළි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ටොප් -20 වැඩසටහන යටතේ දොළොස්වැනි පැමිණිල්ල ලෙස හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී චානක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් 52 සතොස ආයතනයට බඳවාගෙන ඔවුන්ට එම ආයතනය මගින් වැටුප් ගෙවා රුපියල් ලක්‍ෂ සියයක පමණ පාඩුවක් සිදුකිරීම, හිතවතකුගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යමින් එම නාලිකාවට මසකට සතොස ආයතනය මගින් රුපියල් ලක්‍ෂ 15 බැගින් ගෙවා සතොසට රුපියල් ලක්‍ෂයක පමණ පාඩුවක් සිදුකිරීම පිළිබඳව මන්ත‍්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇත.

එමෙන්ම සතොස ආයතනයේ ගබඩාවක සහල් මෙට්‍රික්ටොන් 80000 ක් පමණ තිබියදී එම ආයතනයටම අමතරව සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් පමණ ආනයනය කිරීමෙන් සතොස ආයතනයට රුපියල් බිලියන දෙකහමාරකට අධික පාඩුවක් සිදුකිරීම පිළිබඳව චෝදනා එල්ල කර තිබේ.

එමෙන්ම  එම සහල් තොගය නිෂ්කාෂණය හා ප‍්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ඇපකරයකින් තොරව අමාත්‍යවරයාගේ හිතවතකු වන ලිවර්පූල් නැවිගේෂන් නැමැති ආයතනයේ සභාපතිවරයා වූ වින්සේද්‍ර රාජන් නැමැත්තාට සතොස මගින් රුපියල් මිලියන 1224ක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා ඇති අතර එසේ ගෙවන ලද මුදලින් රුපියල් මිලියන 267ක මුදලක් මේ දක්වා සතොස ආයතනයට නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල මගින් චෝදනා නගා තිබේ.



අදහස් (3)

රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Chanak los angeles Thursday, 11 July 2019 09:28 PM

හෝව් හෝව්.. පොඩ්ඩක් ඉවසලා ඉන්න

:       0       1

Chathuri Friday, 12 July 2019 02:26 PM

මේ ටිකම නේද? මහින්දගේ ගෝලයොත් සතොසටයි, රජයේ ඉඩම් වලටයි කෙරුවේ... රෙදි ඇඳගෙනද ගියේ නඩු පවරන්න. සිංහලයට කමක් නැහැ. හොරකම් කෙරුවාට අන් ජාතීන්ට බැහැයි කියන එකද තේරුම...? මහින්දගේ පාලනයේදී රජයේ සියලුම ආයතන මේ විදියට ගසා කමින් පාඩු ලැබුවා... ගෙදර බලලත් හිටියේ සීතල කාමර වල, මේ ගොල්ලෝ කොහොමද තව කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නේ... මෝඩ රැල කියන්නේ නිකම්ද? දැන් කට්ටියම නෙලුම් මලෙන් යන්නේ... ඡන්දෙ ළඟ නිසා...

:       5       12

Chanak los angelesFriday, 12 July 2019 03:47 PM

මටත් පුදුම මේවා දැනදැනත් මේ හොරුන්ට කඩේ යන්නේ ඇයිද කියලයි?

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site