(රංජිත් රාජපක්ෂ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයෝ අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූහ.

වතු යායෙන් ආරම්භ කල උද්ඝෝෂණය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදිද උද්ඝෝෂණය සිදු කලහ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මසකට රු 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි තරැව්කරුවකුගේ මාර්ගයෙන් 2020 ඔක්තොම්බර් මස රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.