(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේදී මෙය සිදුව තිබේ.
ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන් හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලීසිය කියයි.
මෙම පාර්ශව දෙක අතර ඇතිවු ගැටුම දුරදිග ගොස් එහිදී ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන්ගේ පහර දිමට ලක්වු හිස්බුල්ලා මහතාගේ කණ්ඩායම ඉන් බේරීම සදහා පුත්තලම නගරයේ පිහිටි වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවසට කඩා වැදී සැඟව ඇති බව පොලීසිය කියයි.
නිවසේ සැගවුණ ආධාරකරුවන් සොයමින් අනෙක් ආධාරකරුවන් චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවස පිරමින් සොයා ඇති බවත් එහිදි නිවසේ සිටි සිය පුත්‍රයාට පහර දී ඇති බව චින්තක මහතාගේ පැමිණිලි කර තිබේ.
ජන්ද කටයුතු වලට ගොස් නිවසට පැමිණි හිටපු මායාදුන්නේ මහතාද පහර දිමට පැමිණි පිරිස් විසින් සිරකරගෙන සිටි බවද කියයි.
කෙසේ නමුත් මෙම සිද්දියත් සමඟ මෙම ස්ථානයට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් 500 කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධ දෙපිරිසටම පහර දී ඔවුන් පැමිණි වාහන තුනකට ද බරපලතල හානි කර තිබු බව පොලීසිය කියයි.
තුවාල ලැබු තිදෙනෙකු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ගැටුමට සම්බන්ධ දේශපාලන පක්ෂයක ආධාරකරුවකු පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.


2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති
Bamunuarachchi Monday, 18 November 2019 05:12 AM
කලින් දැන්වීමක් දාලා ගහන්නකෝ අපිට ඇවිත් බලන් ඉන්න.
sam Monday, 18 November 2019 05:49 AM
කරුණාකරලා මේක නම් සිංහල ජාතිවාදී ගිණුමට දාන්න එපා. ඔයගොල්ලන් දෙගොල්ලන්ම වෙන්න පුළුවන් අන්තිමට අර මන්නාරම පැත්තේ බස් එකකට ගැහුවා කියන්නෙත්.
Kumar Monday, 18 November 2019 06:13 AM
මේක අසාර්ථක රගපෑමක්.
eresh s kumara Monday, 18 November 2019 06:47 AM
අන්න හොද වැඩ.............
Ranjan Monday, 18 November 2019 07:31 AM
අන්තවාදීන් ස්වභාව ධර්මයෙන්ම විනාශ වෙනවා.