(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක සහ සේවකයකු අගෝස්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(05) නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පූනලුඔය පදිංචි ශාන්ති කුමාරි සහ දිගන පදිංචි වේලායුදන් බාලචන්ද්‍රන් නමැති සැකකරුවන් ය.
කුරුදුවත්ත පොලිසිය මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
බදු ගහයි කියලද සල්ලි ඇඳ යට තියන් ඉන්නේ?
සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙයි, මුස්ලිම් නායකයින්ගේ වෙනස පේනවනේ... ඇඳන් යටින් ලක්ෂ 60 ගණන් සල්ලි එන්නේ.
ඇඳයට ඔයවිදිහ නම් බැංකුවල කොහොම ඇතිද?
ආදායම් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ අංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හකීම්ගෙන් ප්‍රශ්න කරන්නේද යන්න දැන ගැනීමට කැමතියි.
කයිවාරු ගහන්නේ නැතිව මුදල් විශුද්ධිකරණය හරියට ක්‍රියාත්මක කරන්න.
ඇඳ යට සල්ලි හංගන අයද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉදල රට පාලනය කරන්නේ? ජාත්‍යන්තරය දන්නවා නම් අපිව ලෝක සිතියමෙනුත් අයින් කරනවා සාන්ත.