IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝයල් පාර්ක් සිද්ධියේ සැකකරුට එරෙහි පෙත්සම හෙට සලකා බැලේ

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

      ‘‘දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.



අදහස් (10)

රෝයල් පාර්ක් සිද්ධියේ සැකකරුට එරෙහි පෙත්සම හෙට සලකා බැලේ

sandy Thursday, 28 November 2019 01:46 PM

අධිකරණයේ ස්වාධීනත්වය අපි බලමු...

:       12       251

Mahesh Thursday, 28 November 2019 02:58 PM

ජනපතිවරණයෙන් පසු සිරිසේන මහතා ආගිය අතක් නැත..

:       3       200

විජිත් Thursday, 28 November 2019 04:33 PM

නිදහස් කරන්න සෑහෙන "බර පැනක්" දරපු කතාවකුත් තියෙනවා. මිලියන සිය ගණනක ඩීල් එකේ කෙළවරක චීවර ධාරියෙකුත්, අනිත් පැත්තේ ගමයාත් ඉන්න බව තමයි කියවෙන්නේ... අපි බලමුකෝ..!!!

:       0       0

sharm warnFriday, 29 November 2019 03:21 AM

ආයෙත් පාර්ලිමේන්තු එන්න පුටුවක් හොයනවා කියන්නේ

:       0       0

thamali Thursday, 28 November 2019 04:55 PM

මැරුණේ විදේශික නයිට් ක්ලබ් යන කෙල්ලෙක්... හිරේ ගියේ ලංකාවේ කොල්ලෙක්...

:       0       0

Kumar Thursday, 28 November 2019 05:53 PM

මම ඉන්න ඇමෙරිකාවෙ ජනාධිපති සමාවෙන් පසු නැවත එම ක්‍රියාවට දඬුවම් කල නොහැක. එවැනි දෙයක් ලංකාවේ ව්‍යවස්ථාවේ අඩංගු වී ඇත්නම් මේ අභියචනාව ඉවත යනවා.

:       0       0

lankasri Thursday, 28 November 2019 11:01 PM

යන යකා කොරහත් බිදගෙනම ගියා.

:       0       0

Chathuri Friday, 29 November 2019 12:23 AM

මේ වැරැද්ද කරලා තිබුනේ ළමා වයසේ, දෙමව්පියන් වෙන්වී සිටින පවුලක දරුවෙක්. දැන් ඔහුගේ වයසත් සමග බලන විට ඒවාට වන්දි ගෙවලා තියෙනවා. කවුරුත් හිතන්න තමන්ගේ දරුවෙක් විදියට, දෙමව්පියන්ගේ වරදින් දරුවා නොමග ගියේ. නමුත් හිරගෙදරදී උසස් ඉහලින් උපාධිය ලබාගත්තා. අපේ රටේ තවත් ප්‍රසිද්ධ දරුවෝ ඉන්නවා දෙමව්පියන් සමග ජීවත් වෙමින් හොර දූෂිත, මිනීමැරුම්, හොර විභාග සහතික, ඇයි ඒ ළමයින්ට දඩුවම් නොදෙන්නේ? බයටද? එකම රටක දරුවෝ නීති දෙකක්, නීති තුනක් වෙනවා අන්ත දුගී පවුලක දරුවෙකුට මේ දේ වුනානම්. සදහටම හිරගෙදර ඉන්න වෙන්නේ. අපේ රටේ ජනතාව තවමත් පරක්කු වැඩියි. නීතිය සැමටම එකසේ ඉල්ලා පාරට බසින්න, නොකා නොබී උපවාස කරන්න. කොහෙවත් යන වඳ දොස්තරයෙකු වෙනුවෙන් උපවාස කෙරුවා, මෙහෙම කරන්න වුනේ නීතියක් නැති නිසයි. ජනාධිපතිගේ සිට හිඟන්නා දක්වා නීතිය සැමටම පොදු කරන්න කියා ඉල්ලා සිටින්න. දරුවන් දිහා අනුකම්පාවෙන් බලන්න අසරණයි

:       0       0

de silva Friday, 29 November 2019 01:20 AM

සරල ජනපති කෙනෙකුගේ සරල වැඩ

:       0       0

mahinda Friday, 29 November 2019 01:36 AM

අන්න පොළොන්නරුවේ කුඹුරු කොටනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site