(ක්‍රිෂාන් ජීවක ජයරුක් )
කේරල ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මාසයකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ නළු රයන් වැන් රොයන් මහතා රුපියල් 4000ක දඩයක් ගෙවීමෙන් පසු මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කලේය.
ඔහු එම චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මුදා හැරිණි.
ඊට අමතරව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර මීකදවත්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් ඇති මෝටර් රථය මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම මෝටර් රථය රුපියල් ලක්ෂ 50 ක බැදුම්කරයක් මත ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් නියම කෙරිණි.


COMMENTS
ගංජා ග්‍රෑම් 5 ට මාසයක් රිමාන්ඩ් කරාට බෝම්බ හදලා අහු උනොත් දවස් 2 න් ඇප හම්බවෙනවා.
ඔය 4000 ගන්න මේ දුප්පත් රටේ මහජන මුදල් මිලියන කීයක් නාස්ති වෙන්න ඇතිද ?
ලංකාවේ හැටි ඔහොම තමයි.
නීතිය මකුළු දැලකී අහුවෙන පොඩි සත්තූ...... දෙබරුන් බඹරු නොඇලෙති දැන ගනින් පුතූ.... බලයද මුදල් නැතිනම් බලනුව මෙන්න තතූ.. නොම ඉපදෙන්න මේ වැනි රට මෙයින් මතූ.
ප්‍රසිද්ධ නළු? අමල් සින්දු කියන්න ගියා කියලම ටිකකට හිතුවත් මෙයා ගියේ රඟපාන්නද? මේ ඔක්කොම අපි හිතුවට වඩා භූමිකාවක් මධූෂ්ගේ යටතේ කරලා තියෙනවා. ඔතන හිටිය ඔක්කොම පාතාල ගෝලයෝ නම් මේ දෙන්නා විතරක් වෙනස් වෙන්නේ කොහොමද?
පව් අනේ, ඇත්තටම සින්දු කියන්න වෙන්න ඇති යන්න ඇත්තේ?
මූදා හැරියේ ආයේ ඒ වැරදිම කරවන්නද...
හිනා වෙවී යන හැටි විතරක් හරියට ලොකු වීරකමක් කරලා එනවා වගේ...! (පිටුවහල් කරන අයගේ ගුවන් ටිකට් පතට සල්ලි ගෙවන්නේ කවුද? දන්නේ නැති හින්දයි අහන්නේ)
4000ක් තරම් ලොකු දඩයක් කොහොම ගෙවන්නද?... පව් අසරණයා.
උපන් දේශයත් පාලුවෙනවා..