
(නිමල කොඩිතුවක්කු)
රියදුරු හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 800ක් පමණ දිනකට ධාවනය නොවන බව ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
රියදුරන් 300 ක් පමණ මේ වනවිට පුහුණු කර ඇති බවත් ඔවුන් ඉතා ඉක්මණින් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.
මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතල හිඟයක් පවතින බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිසන් සභාවේ හෝ ප‍්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලූවක් වී ඇතැයිද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම, පුද්ගලික ඒකාබද්ධ කළ යුතුයි... නියමිත කාලසටහනකට අනුව එකම සේවයක් සේ සලකා විනයක් සහිතව රජයේ සේවකයන්ට හිමි දේවක අර්ථ සාධක වැනි පහසුකම් සලසා හොඳ ප්‍රවාහන සේවයක් ඇතිකළ හැකිවේවි.
ඇමතිතුමනි, රැකියා දසලක්ශයේ වැඩසටහනින් රියදුරන් සේ පුරුදුකර සේවයට බඳවාගන්න.
බර වාහන රියදුරෙකි බස්
බර වාහන ලයිසන් එක තියෙනවා, හෙට වුණත් කමක් නෑ බඳවා ගන්නවා නම්.
බර වාහන ලයිසන් තියනව දුර දාවනයට කැමතියි ටැංකි හා ටිපර් දාවනය කර ඇත
රියදුරාන් බදවාගන්න
මම කැමතියි CTB ඩ්‍රයිවින් එන්න. මම දැන්ට ප්‍රයිවට් බස් රයිවින් කරනවා. 0763558106"
බරවාහන රියදුරු බලපත්‍රය තියෙනවා. ධාවනය කර ඇති වාහන අඩි 40 ක් කන්ටේනර්.