
(තුසිත කුමාර ද සිල්වා)
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දුම්රියක් එනු දැක දැක බෙන්තොට දුම්රිය ගේට්ටුව හරහා ධාවනය කරවීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් අනූ නවයෙන් බේරුණු බව ප්‍රදේශවාසීහු පවසති.
ස්වයංක්‍රීය ක්‍රියාත්මක වු දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් පෞද්ගලික බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට කටයුතු කර ඇත. ඒ සමග ප්‍රතිවිරුද්ධ දෙස ඇති දුම්රිය ගේට්ටුව වැසීමත් සමග බස් රථය දුම්රිය මාර්ගය හරහා හිර විය.
දුම්රිය ගේට්ටුවත් දුම්රිය මාර්ගයත් අතර සෑහෙන දුරක් තිබූ නිසා බසය ඉදිරියට ගන්නවාත් සමග දුම්රිය එම ස්ථානය පසු කළේය. දුම්රියත් බස් රථයත් අතර අඩි දෙකක පමණ පරතරයක පැවැතිණි.
මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්‍රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ .

COMMENTS
බස් රියදුරුට අදික දඩ මුදලක් නියමකර ඔහුගේ රියදුරු බලපත්‍රය අවුරුද්දක කාලයකට තහනම් කර ආදර්ශයක් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිමු.
මෙම "රියදුරු බල්ලාට" නිතිය මගින් දඩුවම් නොලැබෙනු ඇත. මුදලටම බොරු කප්පරක් දෙසාබාන කළු කබා ඇදගත් ගම් කබරයන් මෙම "රියදුරු බල්ලාව" බේරාගනු ඇත. එනමුත් ස්වභාවධර්මයා විසින් මෙම "රියදුරු බල්ලා" පසුපස හබා එනු නියතය.
ඉදිරිපස අනෙක් අන්තයේ ඉඩ තිබේ නම්, බස් රියදුරුට එය ඉදිරියට ගෙන යා හැකිය, දුම්රිය සංඥා සක්‍රිය නැත හෝ නැත, සෑම විටම රේල් ගේට්ටුව අසල නතර කරන්න. ඔබට ඉඩ තිබේ නම්, ඔබට ඉදිරියට ධාවනය කළ හැකිය, ඔබට ඉඩ නොමැති නම්, දුම්රිය මාර්ගයට පෙර සෑම විටම නවත්වන්න, එය රේල් සංඥාව ක්‍රියාත්මක හෝ අක්‍රිය වුවත්, සෑම විටම රීතිය අනුගමනය කරන්න, පළමුව ඔබට ඊළඟට නිදහස් ඉඩ ලැබෙන තෙක් සෙමින් හෝ නවතින්න.
මේ මිනී මරුවන් පාරෙන් ඉවත් කල යුතුයි. පාරේ යන කොට පිටි පස්සෙන් ලයිට් ගගහ හොන් ගගහ එනවා. කිසිම නීතිය ක් තකන්නේ නැ.. පොලිස් මහතුන් අහක බලන්න ඉන්නේ.
බස් රථ රියැදුරාට දෙන දඬුවම කුමක්ද?
ඔතන බස් කාරයගෙන් වරදක් වෙලාද බලන්න ඕන. කොච්චිය එන්න විනාඩියකට දෙකකට කලින් තමයි ගේට්ටුව වහන්නේ. කොච්චිය එනවා කියලා දැන ගන්න විදියක් නැ කිසිම කෙනෙක්ට. ගේට්ටුව වහන වෙලාවට මැද වාහනයක් තිබුණොත් හිරවෙනවා. ඒකට කරන්න තියෙන්නේ ගේට්ටුව වහන්න තප්පර 30කට කලින් සිග්නල් එකක් දෙන්න. ඒක දීලාත් වාහනේ දානවනම් වැරදියි.
ඕක මොකක්ද? පොලිසි වල අයනේ රථවාහන වේගෙන් දක්කන්නේ... පොඩ්ඩක් හෙමින් ආවොත් පොලිසිය තමයි කේන්තියෙන් අත් දික් කරන්නේ. මෙහෙමයි වාහන දෙකක් අතර දුරක් තියෙන්න ඕනෑ.. අනික එකපාරට වාහන නතර කරන්න බැහැ. පොලිසිවල අය මිනිස්සුන්ව කලබල කරන එකේ, ඕක මොකක්ද? මිනිස්සු දැන් හරි කලබලයි. කලබලය සාමාන්‍ය දෙයක් වෙලා.