
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රථවාහන වැරදිවලට වරදකරුවන්වී නීතිමය පියවර සඳහා තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ගෙන රිය ධාවනයේ යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි.
ඇතැමුන් රියදුරු බලපත්‍රය නැතිවූ බවට පැමිණිලිකර නව රියදුරු බලපත්‍ර ලබාගෙන ඇතැයිද එම සභාව තොරතුරු හෙළි කරගෙන ඇත.
රියදුරු කුසලතා ලකුණු ප්‍රධාන ක්‍රමය හා ක්ෂණික ඉලෙක්ට්‍රොනික දඩ මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම මගින් මෙම අක්‍රමිකතා වළක්වා මාර්ග අනතුරු අඩකින් පමණ අඩු කර ගත හැකි බව පොලිස් ප්‍රධානීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සතු අරමුදලින් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කෙරෙන තාක්ෂණික උපකරණ මිලදී ගත හැකිද යන්න කාරක සභාවේ විමසුමට ලක්විය.
ඊට අවශ්‍ය මුදල් වෙන් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එම කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව අදාළ උපකරණවල ලැයිස්තුවක් ප්‍රවාහන අමාත්‍යංශට ලබා දෙන ලෙසත් එහි පිටපතක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් කෝපා කමිටුව ශ්‍රී ලංකා පොලිසියට පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරන කීදෙනෙක් දේශපාලුවෝ පිටිපස්සේ ඉන්නවද කියලා හොයලා බැලුවනම් හොර රියදුරු බලපත්‍රය සුළු දෙයක්
"ඇතැමුන් රියදුරු බලපත්‍රය නැතිවූ බවට පැමිණිලිකර නව රියදුරු බලපත්‍ර ලබාගෙන" මේකට හොඳම විසඳුම රථවාහන නිලධාරියාගේ සිට සියලු කටයුතු විද්‍යුත් ක්‍රමයකට සකස් කිරීමයි
පගාවක් දුන්නොත් මොනවද කරන්න බැරි...? සමහර දේශපාලුවන්ට හොර ID, හොර පාස්පෝට් එහෙමත් තියෙන්නේ..?
දැන්ද ඕක දන්නේ...?