IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවා ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් නැමැත්තා වහා මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (6) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සීමිත විරෝධතා ගොනු කළේය.


මොහොමඞ් රියාජ් බදුද්දීන් නැමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ෆාතිමා ඉස්රත් නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් හමුවේ අද කැඳවිණි. 


එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් සීමිත විරෝධතා ගොනු කර තිබෙන බව සඳහන් කළේය.
නීතිපතිවරයාගේ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.


තම සේවාදායකයා ඉකුත් අප්‍රේල් මස 14 වැනිදා සිට අත්අඩංගුවේ පසුවන බවත් , එබැවින් මෙම නඩු කටයුත්ත හදිසි නඩු කටයුත්තක් සේ සළකා එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.


එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වැනිදා කැඳවීමට දින නියම කළේය.
අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඞ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ සොහොයුරෙකි.ඔහු උපාධිධාරියෙකු වන අතරම ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
පසුගිය අප්‍රේල් 14 වැනි දින පෙත්සම්කරු නිවසේ සිටියදී රහස් පොලිස් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.මෙම අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොමැත.


පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව පෙත්සම්කරුගේ සැමියා අත්අඩංගුවට ගත් බව නීතීඥයෙකු මාර්ගයෙන් දැන ගන්නට ලැබිණි.පසුව පෙත්සම්කාරිය ගේ සැමියා වන රියාජ් බදුද්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණි.


පෙත්සම්කාරියගේ සැමියා ඔහුගේ සොහොයුරා වන හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ දේශපාලන පක්ෂ කටයුතු වලට සහාය දැක්වූ අයෙකුද වේ.ඔහු අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ රිෂාද් බදුද්දීන් ගේ ප්‍රතිරූපය හානි කිරීමයි.
මෙම අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම සැමියා මුදා හැරීමට නියෝග කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.


පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (2)

රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා

Bamunuarachchi Tuesday, 07 July 2020 01:57 AM

නිදහස් කිරීම කොහොම වෙතත් නඩු නැතුව ගස් යැව්වත් අපිට කමක් නැත.

:       0       0

sisira Tuesday, 07 July 2020 02:44 AM

මෙවැනි අය වෙනුවෙන් පෙනීසිටින සිංහල නීතීඥයින් ඉන්නවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site