IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි

 

(බන්දුල ඉලේපෙරුම)

පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන ගැටලුවක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලින් කී ප්‍රකාශ හා පසුව කළ ප්‍රකාශ පරස්පර බවත් මෙසේ සැකකටයුතු අයෙක් නම් නිදහස් කළේ ඇයි දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සි‍ටියේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොයුරා සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්කි අනාවරණය වී නැති බැවින් නිදහස් කර ඇති බවත්ය.

නමුත් මෙම පරීක්ෂණ අවසන්ව නැති බැවින් ඉදිරියටත් විමර්ශන සිදුකරන අතර නැවත සාක්කි ලැබෙන පරිදි ඔහු යළි අත්අඩංගුවට ගෙන වුවද පරීක්ෂණ සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙනම ඒකකයක් පත්කර පරීක්ෂණ කරන බැවින් දිගින් දිගටම මේ පිළිබඳ විමර්ශන සිදුවන බවත් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා දන්වා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සාක්කි ඇතොත් අදම ලබාදෙන ලෙසයි. එවිට යළි නව මානයකින් ප්‍රශ්න කිරීම් සිදුකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද දන්වා සිටියේය. 

එසේම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැති බවයි.



අදහස් (9)

රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි

Rata Perata Tuesday, 06 October 2020 06:09 AM

අපි නොදන්න රාජපක්ෂගේ ඇක්ටින්.

:       6       29

sena Tuesday, 06 October 2020 06:29 AM

එතකොට චමල් මහත්තයා කියන්නේ එයාගේ අය 20ට පක්ෂව ඡන්දේ දුන්නේ නැතිනම් එයාව ආයෙත් අල්ලලා කූඩු කරනවා කියන එකද.?

:       0       5

roshan Tuesday, 06 October 2020 06:45 AM

මෙන්න බොලේ අපෙන් තොරතුරු ඉල්ලනවා. හතර හිනා මේවට.

:       3       24

janabala asamagi Tuesday, 06 October 2020 07:19 AM

ඔහෙලා කවුරුවත් අත් අඩංගුවට ගත්තෙත් නැහැ.. පොලිසියෙන් අල්ලාගත් බෝම්බ නිෂ්පාදන ආයතනයේ 18 දෙනා නිදහස් කළෙත් නැහැලු. දැන් ප්‍රශ්න කරනවා. තියෙන මුස්ලිම් ඡන්ද ටිකත් නැතිකරගන්නවා නේද? 

:       2       16

siri Tuesday, 06 October 2020 07:31 AM

ඡන්දෙට විතරයිනේ වැරදි කාරයා කරන්න වුවමනා වුණේ. දැන් කිසි සාක්කියක් නෑ කියලා චමල් මහත්තයාත් කියන්නේ.

:       1       21

pradeepa Tuesday, 06 October 2020 07:47 AM

රිෂාඩ්ට පාර්ලිමේන්තුවේ සීට් 4 තියෙනවා. 20ට ඒ අයගේ ඡන්දය අරගෙන දිනුවොත් ආණ්ඩුව මොකද කියන්නේ? දේශප්‍රේමී නඩය ආණ්ඩුවෙන් එළියට යනවද? නැතිනම් රිෂාඩ්ලා එක්ක ආණ්ඩු කරනවද? අපිට කියන්න.

:       1       14

sena Tuesday, 06 October 2020 08:00 AM

මේකනම් 20ත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවා. අරයා පක්ෂ ඡන්දය දුන්නේ නැතිනම් මෙයා ඇතුලේ..

:       1       10

Prabha Tuesday, 06 October 2020 10:45 AM

ඒ දවස්වල පොහොට්ටුවෝ පාස්කු ප්‍රහාරය විකුණන් කෑවා දැන් මෙයාලා.

:       0       4

janabala asamagiTuesday, 06 October 2020 11:38 AM

පොහොට්ටුවෝ විකුණන් කෑවා. යහපාලකයින් බදාගෙන කෑවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 400 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2178 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site