(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමළාන් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්විණි.
ආරක්ෂක හේතු හා රටේ පවතින වාතාරවණය අනුව ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්වීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර තිබිණි.
රටේ කිසිදු ප්‍රදේශයක, ප්‍රධාන ස්ථානයක හෝ ක්‍රීඩාපිටියක යාච්ඥා මෙහෙයන් නොපවත්වන්නැයි ද ජමියතුල් උලමා සංවිධානය උපදෙස් ලබා දී තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන යාච්ඥාව අද(05) කොළඹ මහ පල්ලිය හෙවත් දවටගහ පල්ලියේදී පැවැත්වූ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ද පල්ලිවලදී රාමළාන් යාච්ඥා පැවැත්වූහ.
දවටගහ පල්ලිය හා ඒ අවට අද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර යාච්ඥා මෙහෙයට සහභාගී වීමට පැමිණි බැතිමතුන්ද පරීක්ෂාවට ලක් කෙරිණි.
දිවයිනේ අනෙකුත් මුස්ලිම් පල්ලිවලටද ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

COMMENTS
අපිට වෙසක් සමරන්න බැරි උනානම් ඔයාලට රාමසාන් සමරන්න බැහැ.
අයි.එස්. ප්‍රහාරයක් එල්ල වේවි කියා තොරතුරු ඇවිල්ලද?
අනේ කරුණාකරලා ලංකාවෙනුත් එළියට දාන්නකෝ...
ඇති යාන්තන් පාරේ තොටේ කරදරක් නැතුව යන්න පුළුවන් අපිට...
ඔන්න අවස්ථාවාදී, අන්තවාදී අයට අදහස් දාන්න හොඳ අවස්ථාවක්...!!! දැන් රස කරකර කියමු බලන්න.
ලොකු විහිළුවක්...
නයි පැටවුන්ට කිරි පෙව්වාම ඔහොම වෙනවා.
කොතැන ඉඳන් යාඥා කළත් තක්කඩි දිහා දෙවියෝ බලන්නේ නැහැ...
කිසිම දවසක ඉතිහාසයේ සිංහල බෞද්ධයන් කිසිම පල්ලියකට, දේවස්ථානයකට හෝ කෝවිලකට සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරලා නැහැ, බෝම්බ ගහලා නැහැ, බැතිමතුන් මරලා නැහැ... නමුත් ලංකාවතුල 70% විතර ඉන්නේ බෞද්ධයන්. නමුත්... දමිල LTTE ත්‍රස්තයන් දළදා මාලිගයට බෝම්බ ගැහුවා, ශ්‍රී මහා බෝදියට බෝම්බ ගැහුවා, බෞද්ධ හාමුදුරුවරු , සිල්ගත්ත උපාසක උපාසිකාවන් අමු අමුවේ මැරුව, ඒ වගේම , දැන් මුස්ලිම් ත්‍රස්තවාදීන් ලංකාවේ පල්ලි වලට බෝම්බ ගහල බැතිමතුන්ව මැරුවා, මුස්ලිම් හෝ දමිල ජනගහන ලංකාවේ සුළුජාතීන් නමුත් තර්ජනය වෙලා තියෙන්නේ, බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ සිංහල සමාජයට. ඉතින් කවුද ජාතිවාදීන්, මේ සුලුජතිකයන්මයි ජාතිවාදීන් වෙලා තියෙන්නේ.
රටේ හොද බුද්ධිමත් නායකත්වයක් තිබුණානම් රටත් ලස්සනයි, මිනිස්සුත් විනෝදෙන්, වියදමත් අඩුයි, අටක නාටක නැහැ, කාලයත් ඉතුරුයි වර්ජන ගර්ජන නැහැ, හිර ගෙවල් වහන්න වෙනවා. උසාවි පාලුවට යනවා, නිතිදරයන් ගොවිතැන් වැඩ වලට සහය දෙනවා. පුදුම නිදහසක් මහජනතාවට ලැබෙනවා, ඒවාට කැමති අකමැති අය හෝ ඇය දෙන්න වචන ඔන්න ලිව්වා...
මේ ලෝකේ මීට වැඩිය ගොඩක් ලස්සන වෙනවා , දවසක
ප්‍රසිද්ද ස්ථානවල යාච්ඥා කරන එක නවත්වන්න. සමහර තැන වල පාරවල් වහලා පාරේ යාච්ඥා කරනවා.